සිංහයන් සමඟ සැතපී
ඔහු සිය නිදන බෑගය දිගහැර එය බ්ලැන්කේට්ටුවක් මෙන් ගුහාවේ බිම අතුරමින් සිටී. ජේන්ට අපහසුවක් මෙන්ම නුහුරු ගතියක් දැනිණි. දුටු දා පටන් ඇගේ සිත ඔහුගේ උණුසුම පතා හඬගෑවේය. ඔහු ඇගේ දියණිය චන්තාල් දෙදණ මත හොවාගෙන ඇයට ගී පද මුමුණද්දී දැනුණු හැගීම දැන් ඇගේ සිතෙන් බැහැරව ගොසිනි. ඔවුන් දෙදෙනා පෙම්වතුන්ව සිටි අවදියේ මෙන් ඔහුගේ ශක්තිමත් දෑතින් සිය ගත වැලඳගන්නා තුරු ඇය බලාසිටියාය. ඔහුගේ පහස පතා බලා සිටින ඇගේ හදවතේ ඇත්තේ තිගැස්මකි. පිරිමියකු හා යහන්ගත වීමට ඇගේ සිතේ වූ ආශාවන් නැතිව ගියේ චන්තාල් ඉපදීමට සති කීපයකට පෙරය. වැඩිහිටියන්ට හොර රහසේ මොහොතක් තනිවීමට මාන බලන වියේ යුවළක් මෙන් ඔවුහුද ලෝකයෙන්ම තනිවී ගත කිරීමට මේ මොහොත යොදාගත්හ.
දෙදෙනාම පහතින් පෙනෙන නිහඬ ගම්මානය දෙස බලා සිටියා මිස කිසිවෙක්වත් එකිනෙකා ස්පර්ශ නොකළහ.
"මං මෙතැනට වෙලා බිම දිගාවෙලා පහත ගම්මානය දිහා බලා ඉන්න පුරදු වෙලා හිටියා." හුදෙකලා ඇෆ්ගන් ගම්මානයේ තමා කාලය ගෙවූ අන්දම සිහිපත් කරමින් ජේන් මිමිණුවාය.
ඇගේ බසට ඔහුගේ මුවගට සිනාවක් නැගිණි. ඒ සමගම ඔහු ඇය සිය ගතට තුරුලු කර ගත්තේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.