ඉඳිකටු ඇස
කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත්වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉඳිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි.
ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්තැන්වූ ව්‍යාජයක් මඟින් මිත්‍ර පාක්ෂිකයෝ තම සැබෑ ආක්‍රමණ සැලසුම සඟවා තිබිණි. සතුරු ඔත්තුකරුවෙකු විසින් සත්‍යය සොයාගනු ලැබුවහොත් ඔවුන්ගේ සැලසුම විනාශ වී යනු ඇත. ඉඳිකටුව හරියටම කරන්නේ ද එය යි. බ්‍රිතාන්‍යයේ හමුදා බුද්ධි තොරතුරු ආයතනයේ එක් අංශයක් වූ M15 අංශය විසින් ලුහුබඳිනු ලැබ, තමා එනතුරු පමා වෙන U-බෝට්ටුවක් කරා ළඟා වීමට හේ බ්‍රිතාන්‍යය හරහා යන්නේ මිනීමැරුම්වලින් සලකුණු කෙරෙන මාර්ගයක් ඔස්සේ ය. එහෙත්, කුණාටුවකින් බැට කන දූපතක දී අපූරු තරුණ කාන්තාවක් හමුවීමට ඔහු සැලසුම් කර තිබුණේ නැත...
ඉඳිකටු ඇස, දෙවැනි ලෝක යුද්ධයේ ඉරණම තම දෑත් මත රඳවාගෙන සිටින චරපුරුෂයෙකු, ඔහුගේ විරුද්ධවාදියා සහ නිර්භීත කාන්තාවක ගැන ලියැවුණු, හදවතේ ගැස්ම ඉහළ නංවමින් සිත උද්දීපනය කරන, කුතුහලය, අවිනිශ්චිතභාවය හා ත්‍රාසය කැටිවුණු කතාවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.