Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තහනම් කළ දියණී

තහනම් කළ දියණී

About this book

THE FORBIDDEN DAUGHTER

Shobhan Bantwal

තහනම් කළ දියණී

පරිවර්තනය

අම්බිකා දිසානායක

දියණිය… ඇය දෙවොලේ දී දෙවඟනක් වුවත්, පවුලට අනවශ්‍ය බරකි. දරුවන් දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයන් බව ඔවුහු කියති. එහෙත්, ඔවුන් එය සැබැවින් ම විශ්වාස කරන්නේ ද?

ඊෂා සහ නිඛිල් තිලාක් තම දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නෝ ය. තම වංශවත් පරපුර ගැන මහත් ගෞරවයෙන් සිතන නිඛිල්ගේ දෙමව්පියන් තම පවුලට අවශ්‍ය වන්නේ මුණුබුරෙකු යැයි දැඩි මතයක එල්බ සිටිමින් ඔවුන්ගේ පළමු මිණිබිරියව නොරිස්සුම් සහගතව ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ නිසාම තමා ගැබ්ගෙන ඇති බව දැනගත් දා සිට ඊෂාගේ සිත අරා තිබුණේ එක ම පැනයකි.

මට ලැබෙන්න ඉන්නේ පුතෙක් ද? එහෙම නැත්නම්… දෙවියනි එහෙම වෙන්න නම් එපා… ඒ දුවෙක් ද?”

අවසානයේ දී, ඊෂාගේ සිතට වද දුන් ඒ පැනයට පිළිතුර ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයාගේ සායනයේ පරිලෝකන තිරය මත සටහන්වේ. ඒ ගැහැනු දරුවෙකි. දැන් ඊෂා හා නිඛිල් කුමක් කරනු ඇත්ද? නිඛිල් හා ඊක්ෂා එක්ව ගත් තීරණ විසින් ඔවුන් දකිමින් සිටි ඒ නපුරු සිහිනය වඩාත් භයානක තැනකට තල්ලු කරද්දී, එක් දිනෙක නිඛිල්ව බිහිසුණු ලෙස මරා දමා ඇති බව තිලාක් පවුලට දැන ගන්නට ලැබේ. ඒ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් දොස් පැවරෙන්නේ ඔවුන්ගේ නූපන් අහිංසක දියණියට ය.

ඉපදෙන්නට සිටින බිළිඳිය අසුබ පෙරනිමිත්තක් යැයි විශ්වාස කරන තම නැඳි මයිලණුවන්ගෙන් නිර්දය ලෙස පීඩාවට පත්වන ඊෂා, තම පස් හැවිරිදි දියණිය ද අතකින් අල්ලාගෙන මඟට බසින්නේ තහනම් කළ තම දියණිවරුන් වටා ජීවිතය තනිවම ගොඩනඟා ගැනීමේ අරමුණ සිතැතිවය.

එහෙත්, තම දරුවන් ඉදිරියේ ඇති බරපතළ අනතුරුවලින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට ඊෂාට හැකි වේවිද?

ඒ පැනයට පිළිතුරු සපයන මේ නවකතාව, පාඨකයන්ගේ සිත් කුතුහලයෙන් හා ත්‍රාසයෙන් පුරවමින්, ඉන්දියානු සංස්කෘතිය තුළ සැඟව ඇති අඳුරු රහස් ගැන තවදුරටත් සිතන්නට පොළඹවන චිත්තාකර්ෂණීය ප්‍රබන්ධයකි.

Details
ISBN
9786245664511
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තහනම් කළ දියණී

Reviews are published once a member of our team has read them.