සාරි සාප්පුවේ වැන්දඹුව

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
Out of stock
SKU
sari-sappuwe-wandabuwa-shobhan-bantwal-semali-kallapatha-susara
වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමටද පුළුවන. නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි. කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ වූ ප්‍රතිරූපය බිඳ දැමීමට ඒ තොරතුරු ටිකම ඇතිය. සිත අධිවේගයෙන් දිව යද්දී ඇය සිය කදිම හා මන බඳනා සාප්පුව පුරා එහෙ මෙහේ ඇවිදින්නට වූවාය. ඇගේ සාප්පුව ඇයට දරුවකු හා සමානය. සිය කලාත්මක හා සියලු කුසලතා එක්තැන් කර සිනමා තරු, නිරූපිකාවන් සහ රූප රාජිනියන්ට ඔබින තරමේ සුරංගනා ලොවක් බඳු සාප්පුවක් නිර්මාණය කිරීමට ඇය උපරිමයෙන් උත්සාහ ගත්තාය. එහෙත් වැරදුණේ කොතැනද? කොහොමද? කවදාද? අංජලී සිත එක්තැන් කර ගැනීමට උත්සාහ කරමින් බලා සිටියාය.
Author සේමාලි කැල්ලපත - Semali Kallapatha (10)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (995)
More Information
ISBN 9786246815127
පිටු ගණන 400
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සාරි සාප්පුවේ වැන්දඹුව
Back to Top