කියවා පිළිස්සිය යුතු කතාවක්
එයාට නින්ද ගියා. මට දැන් හඳ එළියටයි, ගින්දරටයි එයාගෙ මූණ ලස්සනට පේනවා.
මට නිදහසේ ඇතිවෙනකන් එයාගෙ මූණ දිහා බලන් ඉන්න පුළුවන් වුණා.
මට මීට කලින් කවදාවත් එහෙම නිදහසක් ලැබිලා නෑ එයාගෙ මූණ විඳගන්න.
මේතිස් ගෙ දකුණු ඇහැට පොඩ්ඩක් පහළ කම්මුලේ පුංචි උපන් ලපයක් තියෙනවා, හරියටම ඒ දිගේ පහළට ගියාම තව එකක් නිකට ළඟ,
එතනින් බෙල්ල දිගේ පහළට එනකොට එයාගෙ දකුණු උරහිසට පහළින් තව ලප දෙකක්.
මේ ඔක්කොම හරිම සමාන්තර බවකින් පිහිටලා තිබුණේ අභිරහසක් වගේ.
මම එයාට නිතරම විහිළු කරනවා ඒවා වෙන කොහේ හරි මන්දාකිනියක සිතියමක් කියල.
ඒව පිහිටලා තියෙන්නේ එයාට ආපහු යන පාර හොයා ගන්න කියල.
එතකොට එයා හිනාවෙලා,
ඔව් ඔයා කොහොමද ඒක දැනගත්තේ කියල මගෙන් අහනවා.
මම හිනාවෙලා එයාගෙ පපුවෙ තියෙන ඒ සිතියමේ කෙළවර සිප ගන්නවා.
එතකොට එයාගෙ පපුව උඩ තියෙන තුන්වෙනි ඇහැ මගෙ දිහා බලාගෙන ඉන්නවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.