සපත්තුවෙන් මිනිසුන් මැනීමේ කලාව
"ඒත් සමඟම කාමරය තුළට ඇතුළු වූයේ වයස අචුරුදු විසිපහක් පමණ වයසැති පැහැපත් තරුණ කාන්තාවකි. ඇය කාමරය තුළට පැමිණෙනවාත් සමඟම ක්ෂණිකව මුළු කාමරය ම විලවුන් සුවඳින් පිරී ගියේ මෙතෙක් පැවති 'සැවුලෝන්' කටුක සැර මොහොතකට මකා දමමිනි. බැලූ බැල්මට ඇය පියකරුය, ශෝභමානය. මිල අධික නවීන පන්නයේ ජංගම දුරකතනයක් අතැතිව පැමිණි ඇයගේ අත් බෑගයද විදේශ රටක නිශ්පාදිත මිල අධික එකක් බව මා ක්ෂණිකව හඳුනා ගත්තෙමි.
'ස්ට්‍රේට් කරන ලද කොණ්ඩයෙහි තැනින් තැන තඹ පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි. මනාව සකසා තිබුණු ඇහිබැම සහ දිලිසෙන රෝස පැහැති තොල් ආලේපනය නිසා ඇය කෙරෙන් බටහිර පෙනුමක් විද්‍යාමාන විය. අත්කොට 'ස්කිනියකින්' සහ ඇඟටම ඇලුණු වර්ගයේ 'ලෙගින්' කලිසමකින් සැරසී හුන් ඇය කිසිදු අපහසුතාවයකින් තොරව මා ඉදිරිපිය තිබූ පුටුවේ සිඳ ගත්තාය."
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.