කියවම් කෙසේ ඇය මෙසේ
සැප්තැම්බර් 22 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක.
ගොඩනැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි මයිකල් හදිසියේ අසනීප වෙයි. ඔහුගේ උදවුවට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන ඇඳුනුම්කම සරාගී පෙමකට මුල්වෙයි. දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි. හැනා නොකියාම අතුරුදන් වූ පසු මයිකල් ඉමහත් කම්පනයට පත්වෙයි. කෙසේ වුව ද කාලයාගේ ඇවෑමෙන් නීතිය හදාරමින් සිටිය දී මිලේච්ඡ ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමේ නාසි යුද අපරාධයක විත්තිකාරිය වී සිටින හැනා ඒ සම්බන්ධ නඩු වාරයක දී අධිකරණයේ දී මයිකල්ට මුණගැසුණු පසු ඔහු දෙවන වතාවට ද කම්පනයට පත්වෙයි.
භද්‍ර යෞව්වනයේ දී ශෘංගාරයෙන් ඔහු මුසපත් කරමින් ඔහු හා පෙමින් බැඳී සිටි ගැහැනිය එබඳු කෲරතර අපරාධයක හවුල්කාරියක් වූයේ කෙසේ ද යන්න ගැන මයිකල් පුදුමයට පත්වෙයි. එහෙත් සාදාකාලිකව සඟවාගත් රහස් නැත්තේ කා ළඟ ද?
බර්නාඩ් ෆ්ලින්ක් නමැති ජර්මානු ලේඛකයා විසින් රචිත The Reader නමැති ප්‍රබන්ධයේ පරිවර්තනය වූ කියවමි කෙසේ ඇය මෙසේ' කෘතිය තුළින් සමූලඝාතනය අතරතුර සිදුකෙරුණු සාහසික හා කුරිරු අපරාධයන් හා පශ්චාත් යුද සමයේ ජර්මනියේ ඇතිව තිබූ මිලේච්ඡ වරදකාරී ස්වභාවය විමසා බැලේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.