කුලය, පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්
සම අයිතිවාසිකම් සහ සම වරප්‍රසාද සහිත මිනිසුන් ගෙන් සැදුම් ලත් 'සමසමාජයක්' නිර්මාණය කිරීමේ මහඟු අරමුණ අප සමාජයේ බිහි වූයේ සෑහෙන කලකට ඉහත දී ය. සමානාත්මතාව සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඇති වූ වාදවිවාද, දියත් වූ වැඩසටහන් සහ කැප වූ ජීවිත සංඛ්‍යාව බොහෝ ය. පවත්නා සමාජ විෂමතාවන් ගැන නිවැරැදි අවබෝධයකින් තොර ව සමාජය සමතල කිරීම සඳහා යොමු වීම අහස් මාළිගා තැනීම බඳු කාර්යයකි.
කුලය, පන්තිය සහ සෙසු සමාජ විෂමතා නූතන ලංකාවේ සමාජ ගැටුම්වලට දායක වී ඇති අයුරු සමාජ විද්‍යාත්මක ව විමසීම මේ කෘතියේ අරමුණ යි. මෙය සමාජ විද්‍යාව ගැන උනන්දු වන සිංහල පාඨකයන්ට ද සමාජ වෙනසක් සඳහා වෙහෙසෙන විවිධ ක්‍රියාකාරීන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා පසුගිය අවුරුදු තිස්පහක කාලය තිස්සේ ලංකා සමාජය පිළිබඳ ව කර ඇති ශාස්ත්‍රීය පර්යේෂණ බොහෝ ය. බද්දේගම ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු, 1972 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත් 1982 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියෙන් මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලබාගත්තේ ය.
දෙස් විදෙස් සරසවි සහ පර්යේෂණ ආයතන රැසක සේවය කොට ඇති මොහු 2002 වසරේ දී කොළඹ දරිද්‍රතා විමසුම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ලෙස ද 2002-2009 කාලයේ දී කොළඹ ජනවාර්ගික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කළේ ය.
Details
-
★★☆☆☆ ලය, පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්on line හරහා මිලදී ගන්නේ කෙසේද