හිරු කිරණින් විදුලි බලය
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය වීමට නම් ඒ සඳහා දැනුවත් ප්‍රජාවක් සිටීම අනිවාර්යය කරුණකි. සූර්ය විදුලි පද්ධති සීඝ්‍රයෙන් ජනප්‍රිය වන වත්මන් පසුබිම තුළ, සූර්ය විදුලි පද්ධති පිළිබඳව මූලික සංකල්ප හා පසුබිම් කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කරන මෙම ග්‍රන්ථය මේ සම්බන්ධව උනන්දුවන්නන්ට බොහෝ ප්‍රයෝජනවත් වේ.
ප්‍රථමයෙන් වඩාත් නිවැරදිව පද්ධති සවි කිරීමට මෙම ග්‍රන්ථය ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන්හට මහඟු අත්වැලක් සපයයි. ඔවුන්ගේ වෘත්තීය කටයුතු වඩාත් සාර්ථක කරගැනීමට මෙහි දැනුම ප්‍රයෝජනවත් වනු ඇත. දෙවනුව, බුද්ධිමත් තීරණ ගැනීම තුළින් වැඩි ප්‍රතිලාභ සහිත ගුණාත්මක හා ආරක්ෂාකාරී පද්ධති සවි කර ගැනීමට පාරිභෝගිකයන් යොමු කරයි. තෙවනුව, තාක්ෂණය පිළිබඳව ඉගෙනීමට කැමති බැංකු හා මූල්‍ය ආදී විවිධ පාර්ශ්වකරුවන්, විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන් ආදීන් වෙත මෙම තාක්ෂණය සරලව විස්තර කරයි.
දැනුවත් වෘත්තිකයන් හා පාරිභෝගිකයන් ඇති කිරීමට අවශ්‍ය දැනුම සමාජගත කිරීමට ගත් කාලීන උත්සාහයක් ලෙස මෙම ග්‍රන්ථය වැදගත් වේ. මෙම විෂය පිළිබඳව සිංහල භාෂාවෙන් රචිත ප්‍රථම ග්‍රන්ථය වන මෙය, රටක් වශයෙන් අප ලබන ප්‍රතිලාභ සීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට මහඟු පිටිවහලක් ලබාදෙයි.
ආචාර්ය තිලක් සියඹලාපිටිය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.