Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

About this book

ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වා ගෙන යාමට උපකාර වීම ව්‍යාඝ්‍රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව්‍යාඝ්‍රයකු ඉඳහිට මිනිසකු මැරුවත්, ව්‍යාඝයන් විසින් මරා කන ලදැ’යි කියන ගව සංඛ්‍යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව්‍යාඝ්‍රයන් විසින් ම මරන ලද බව ඇත්ත වුවත්, මුළු ව්‍යාඝ්‍ර සංහතිය ලේ පිපාසිත කුරිරු සතුනැ’යි හංවඩු ගැසීම යුක්ති සහගත නො වේ. ඇරත් ව්‍යාඝ්‍රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන් විසින් නිර්දය ලෙස වඳකර දැමීමෙන් පසු ය. මගේ අදහස හැම දෙන ම පිළිගනීවි ය යන පුහු හැඟීම මා තුළ නැතත්, සියලු දඩයම්කරුවන් එක හෙළා මා සමඟ එකඟ වන කරුණක් ඇත්තේ ය. එනම්, ව්‍යාඝ්‍රයා හිත හොඳ එඩිතර මහත්මයෙක් බව ය; උගේ පරපුර වඳවුණු කළ ඉන්දියාව සතුන් අතින් වඩාත් දුප්පත් වනු නිසැක ය. මහජනයා උගේ පැත්ත ගෙන ක්‍රියා නොකළොත් නිසැකයෙන් ම සිදුවන්නේ ව්‍යාඝ්‍රයන් වඳ වීම ය. 

- ජිම් කෝර්බට්

ISBN
9789556561791
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.