Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඓතිහාසික / ලක්දිව ලන්දේසි ප්‍රයත්නය (1638 - 1796)

ලක්දිව ලන්දේසි ප්‍රයත්නය (1638 - 1796)

About this book

“ලක්දිව ලන්දේසි ප්‍රයත්නය” නැමැති මෙම කෘතිය මෙරට වර්ෂ එකසිය පනස් හයක (1640-1796) කාලයක් තුළ මුහුදු බඩ ප්‍රදේශ අල්ලාගෙන පාලනය කළ දෙවන අපරදිග ජාතියේ ක්‍රියා කලාපය පිළිබඳ කථා පුවත පාඨකයා ඉදිරියේ තැබීමකි.

මෙරට ලන්දේසීන්ගේ කටයුතු විවරණය කෙරෙන පරිපුර්ණ ග්‍රන්ථයක් මෙතෙක් සිංහල භාෂාවෙන් නොතිබීම විමතිය ගෙන දෙයි. ඔවුන්ගේ පාලනයේ විවිධ පැතිකඩ පිළිබඳව ග්‍රන්ථ පර්යේෂණ ලිපි යනාදිය ලියවී ඇතත්, එය ඉංග්‍රීසි භාෂාවෙනි. මෑතකදී පළකළ “ශ්‍රී ලාංකේය ඉතිහාසය” නැමැති කෘතියේ මවිසින් ලියන ලද ලන්දේසි ක්‍රියා කලාපය විස්තර වී ඇතත්, එයද ප්‍රාමාණික නොවේ. විශේෂයෙන් එම කෘතියේ ආවරණය නොවු පැතිකඩ විස්තරාත්මක වශයෙන් හා නුතන පර්යේෂණ ද අඩංගු කර මෙම ග්‍රන්ථ ලියා ඇත.

මෙරට ලන්දේසි කටයුතු පිළිබඳව අසහාස විද්වතෙකු වූ මගේ ගුරුදේව මහාචාර්ය කේ.ඩබ්ලිව්. (කාල්) ගුණවර්ධන ශූරීන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියු ලිපි ලේඛනවල අඩංගු නවතම පර්යේෂණද, මවිසින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ වර්ෂ 35ක පමණ කාලය තුළ වරින්වර කරන ලද පර්යේෂණද හැකි පමණ මෙහි අඩංගු කිරීමට උත්සාහ කළෙමි. මෙම වෑයමේදී මෙතෙක් සමහර විද්වතුන් දැරු මත හා ලියන ලද ලන්දේසි කටයුතු පිළිබඳ විවරණද වෙනත් අතකට යොමු කිරීමට උත්සාහ කළෙමි. මහාචාර්ය කේ.ඩබ්ලිව්. ගුණවර්ධන මහතා තම ජීවිත කාලය තුළ උත්සාහ දැරූ නව මං හෙළි පෙහෙළි කිරීම පාඨකයා තුළ නව අවබෝධයක් ලබා දීමට උපකාරී වනවා නිරනුමාණය.

ලන්දේසීන්ගේ ප්‍රයාණයන් පිළිබඳව මෙතෙක් දැරූ මතිමතාන්තර වෙනත් අතකට යොමු කිරීමට සමත් වේ නම් මෙම කෘතිය ලිවීමෙන් මා ලබන සන්තුෂ්ටිය අපමණය. ඒ අතර, මහාචාර්ය කේ.ඩබ්ලිව්. (කාල්) ගුණවර්ධන විද්වතානන්ගේ අමරණීය නාමයට නිතැතින්ම සිහිවටනයන් වනු ඇත. තවද මෙම කෘතියේ අඩංගු නවතම පර්යේෂණ කරුණු අනාගතයේදී මෙරට ලන්දේසි ඉතිහාසය පිළිබඳව කරුණු ගවේෂණය කරන විද්වතුන් බිහිවීමට හේතුවන්නේ නම් මගේ ව්‍යායාමය සාර්ථක වුවා යයි නිගමනය කළ හැකිය.

Details
ISBN
9789553100849
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ලක්දිව ලන්දේසි ප්‍රයත්නය (1638 - 1796)

Reviews are published once a member of our team has read them.