ලන්ඩන් කවි

Special Price රු. 800.00 Regular Price රු. 1,000.00
In stock
SKU
landon-kavi-anura-hegoda-surasa-fast-publishers

රුවයි රතට අඟහරු      තාරකාවා
ඉතින් අහස බැලුවා - නුඹ    නො ආවා
ඇවිත් ගං ගොඩේ හද මඬල  ගාවා  
කෙවිල්ලියේ නුඹ හැඬලූ වෙලා වා

ඉද්ද පෙති දෙපෙති වදපෙති  සුබාවා 
සංහිඳේ නුගේ මල් මාලිගාවා 
රත්තරන් පැළඳ නැඟුවා  හිනාවා  
නුඹේ හඬට බක්මහ ගෙදර ආවා

සක්වලාව ඉර මුදුනට ඇවිත් ඇතී 
රුක් මුදුනේ ඈ රැකදෙන් වනස්  පති   
වැද්දන් අත දුනු ඊතල ගණන්  නැති 
මක්කරමු ද ඈ වැටුනොත් සරස්වතී?

ගෝරි මන්ද හොට දෙකොණින් වැටෙන මුසා
කේජු කියා වළඳන දිවි රකින ලෙසා
නාකි කණ කොකුනි හඬවන සතර දිසා
නාඬ ඉඳිව් ඈ කිසිදින  නොමළ නිසා

කෑල මලට උණුහුම උවමනාවී
පාර බලා හිටියේ කෝකිලාවී
රෑට සීතලට තරු බය නො වේවී
තාම උණුයි නුඹෙ හඬ දේවතාවී

Author අනුර හෑගොඩ - Anura Hegoda (1)
Publisher සුරස - Surasa (fast publishing) (613)
More Information
ISBN 9786242041551
පිටු ගණන 172
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලන්ඩන් කවි
Back to Top