Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලන්තෑරුම් දහසේ නිවහන

ලන්තෑරුම් දහසේ නිවහන

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක පිහිටි මහා මන්දිරයක සිය මව සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්ෂිතවය. එහෙත් ඇය සිය සැබෑ ආදරය හද තුළ සගවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරීය වීමට ඇයට අවස්ථාව උදා වන්නේ නොහිතූ ලෙසය. එම නිවහන ලන්තෑරුම් දහසේ නිවහන වෙයි. එහි ඇතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවෙයි. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සමග ගැටෙන ජේන් සියල්ල උපේකෂාවෙන් විඳ දරා ගන්නීය. මිත්‍යා විශ්වාස මත එල්බ ගත් ඒ ජන සමාජයේ ඇතැම් චරිත හැසිරෙන අන්දම මේ කතාවෙන් අපූරුවට නිරූපණය කෙරේ. එවන් අවස්ථාවන්හිදී ජේන්ට සිය ආදරය ගැන ද සැක සංකා මතුවේ. එහෙත් ඇය සියලු අභියෝගවලට ධෛර්යවත්ව මුහුණ දී ජීවිතය ජය ගන්නීය.
ISBN
9789550171897
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලන්තෑරුම් දහසේ නිවහන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.