ලෙමන් ඇන්ඩ් පැෂන්
"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.”
"ආහ්..! මේ දැනුත් කතා කරේ ඉතින් කියන්න.”
"එහෙම නෙමෙයි...”
"එහෙම නෙමෙයි කියන්නේ එහෙනම් සයින් ලැන්වේජ් එකෙන්ද කතා කරන්න ඕන? අනේ සොරි..! මම ඒක නම් දන්නෑ.”
"එහෙම නෙමෙයි. මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා.”
"මිස්... මේ ලෙමන් එක මිස්ට නේද?”
"මොකක්ද අහන්න තියෙනවා කිව්වේ?”
"මේකයි රිදී...”
"සර්... පැෂන් එක සර්ට නේද?”
මේ හුංගම පුතා නම් මට බාබකියු දාගෙන කන්න දැන් හිතිලා තියෙන්නේ.
"රිදී... මේක කියන්න වටේ යන්න ඕන්නෑ තවත්... මම ඔයාට කැමතියි. ඔයා මොකද කියන්නේ?”
මම හිතුවා මම එහෙම පොල්ලෙන් ගහන්න වගේ ඇහුවම ඒකි හෙල්ලිලා යයි කියලා. මොන...
...................................................................................
මිම්... සුන්දර දවසක්!
"යමු මාත් ඒ පැත්තටනෙ යන්නෙ. කැබ් එකක් දාන්නම් මම ඔයාවත් දාගෙන යන්නම්.”
"අනේ මේ... ඕවට නම් එන්නෙපා. මම ආස නෑ. මගේ ටුක් එක ලඟ තියෙන්නෙ. මම යනවා.”
අභීතටත් ගොරවලා පාර අයිනට පැන්න මම ඈත එන ත්‍රීවිලර් එකට අත වැනුවෙ උඩ පැන පැන.
"වරෙන්කො ඉක්මනට! මගේ වකුගඩුවට ගෑස්ටික් හැදිලා වගේ දැන්.”
"මම ගියා. පරිස්සමෙන් යන්න. තෑන්ක්ස් උදව්වට..! යද්දි කැබ් එකේ අයියා අල්ලන්න ආවොත් හයියෙන් කෑ ගහන්න. මතකනෙ මොන්ටිසෝරියෙදි ටීචර් ඉගැන්නුවා. ඔයාගෙ ඇඟ අයිති ඔයාට. වෙන කාටවත් නෙමෙයි. ඒ නිසා කාටවත් අල්ලන්න දෙන්නෙපා. හයියෙන් කෑ ගහලා බැරි වුණොත් වහාම දුවල ගිහින් ළගම ඉන්න වැඩිහිටියෙක්ට කියන්න. බායි අභීත!''
නෑ නෑ මේ හතර දිසාවටම භ්‍රමණය වෙන කවකට්ටට නම් කැමති වෙන්න හිතන්නවත් එපා රිදී. ඊට වඩා හොඳයි තෝ පැනපන් ගිහින් බේරෙ වැවට!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
GoodGood