ලේන්සුව - සරසවි ප්‍රකාශන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව සිරියලතා උත්පාද කිරිමෙන් සතළොස්වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ හෙළ දිව මහා නවකතාකරු මෙන් අර්ධ ශතවර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ්‍යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේය.හෙතෙම ජන්ම දයාදය වශයෙන් ලත් කලා කෞශල්‍ය ඇත්තේ විය.සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය.ලෝක ධර්මය හා නරස්වාභාවය හැඳීනිමේ තියුණු නුවණින් ප්‍රවීණ විය.අවලෝකනයෙන් හා ප්‍රතිභාශත්තියේ අග්‍රප්‍රාප්ත විය.තමා විසින් නිර්මිත නිරාකූල ව්‍යක්ත ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වී ය.තුරුණු වියෙහි දී වෙළඳ ලිපිකරුවකු වශයෙන් ගෙවුණු සුළු කාලයද ''ලංකා සමය'' වැනි පුවත්පතින් මෙන්ම ''සිරිසර නුවණ'' ''තිලක'' වැනි මාසික සංග්‍රහයන් තුළින් පුවත්පත් කලාව වෙනුවෙන් කැරුණු සේවය ද හැරුණූ විට නවකතාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේය.ශ්‍රම ශක්තිය ගෙවුණේය.ඩබ්ලිව්.ඒ.සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන 1957 මැයි 31 වැනි දින සිට සදහටම ක්‍රියා විරහිත වී ඇත්තේ ය.ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේ ය.එහෙත් සිංහල සාහිත්‍ය වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අරමණිය මහා පොත් රැසක් නොනැසී පවතින්නේය.
Details
ISBN
9789553119148
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review