ලෝ පතළ හොල්මන් කතා
මට හැකි වුණා එතෙක් හොල්මන් කතා කියා ලියැවී ඇති සියලුම කතා එක්රැස් කරගන්නට. මගේ නිවස, මිලට ගත් සහ ඉල්ලා ගත් පොත්, පරණ සඟරා, පුවත්පත් ආදියෙන් පිරී ඉතිරී ගියා. ඉතින් ඊට පස්සේ මම කියවන්න පටන් ගත්තා... මේ මැරතන් කියවීමෙන් පසු මම ගණන් කර බලනා විට හොල්මන් කතා හත්සිය හතළිස් නවයක් කියවා තිබුණා.
හදිසියේන් ම, බොඳවී අඳුරුව තිබුණු අහසින් දිලිසෙන තරුවක් මතු වුණා. මම හොඳ කතාවක් සොයාගත්තා. ඒක අන්තිම වුණේ මාව වෙව්ලවලා. ඒකෙ නම හැරී... (Harry)
මට හොඳම හොල්මන් කතා විසි හතරක් හොයාගන්නටත්, තවත් තරමක් හොඳ දහයක් හොයාගන්නටත් හැකි වුණා...
හොඳම හොල්මන් කතාවල යක්ෂයෝ, භූතයො නැහැ. හිටියත්, අඩු ගණනෙ පේන්නෙ නැහැ. ඔබ දකින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල පමණයි. ඉඳලා හිටලා ඔබට දැනේවි ඇඟේ වැදීගෙන වාගේ ළඟින් යනවා. එහෙමත් නැත්නම් ඔබට දැනෙන්න සලස්සාවි වෙනත් බොහොම සියුම් ආකාර විධිවලින් ඔවුන් ඔබ අසලම සිටින බව..
මම හිතනවා මම කිවයුතුයි කියලා මුල් වතාවට 1958 සිට මම හොල්මන් කතා ගැන පර්යේෂණ කරද්දී පටන් අද දක්වාත් මට සොයාගත හැකි හැම හොල්මන් කතාවක් ම මම කියවා තිබෙන බව. මට සමහරවිට එකක් දෙකක් අත්හැරෙන්නට ඇති. ඒත් මේ කතා එකතුව තරම් ඉහළ මට්ටමකට ආ එකම කතාවක්වත් මට හමු වෙලා නැහැ.
- රෝල්ඩ් ඩාල්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.