ලෝ පතළ සංග්‍රාම
පෞද්ගලික තණ්හා, ආශා, බල කාමය, දේශපාලන ව්‍යාප්තවාදය, ත්‍රස්තවාදය හෙවත් පොදුවේ ලේ පිපාසයෙන් නාමයෙන් ලෝක නායකයින් විසින් සිය මිත්‍ර පාක්ෂික නායකයින් සමඟ අත්වැල් බැදගෙන පුරා දස වසරක් දියත් කරන ලද ශාපලත් යුද්ධවලදී , ඔවුන්ගේ අණසකට යටත්ව මෙන්ම එරෙහිව සටන් පිටියට පිවිස මියගිය සොල්දාදුවන් මෙන්ම සිවිල් වැසියන් සංඛ්‍යාව බිලියන දෙකකට ආසන්නය. එම වෙඩි උණ්ඩවලට ගොදුරුව සදහටම අබ්බගාත වු පිරිස දෙකොටි පනස්ලක්ෂයකි. එම බිහිසුණු ලෝක සංග්‍රාමවල රුදුරු සටන් සහ එම අනුවේදනීය ශෝකාන්තයේ කඳුළු කථාව ලෝ පතළ සංග්‍රාම ඔස්සේ වර්තමානයට පිවිස ඇත.
ලොව මහා බල සම්පන්න යුද්ධ හමුදාවෝ තම බල පරාක්‍රමය සනිටුහන් කිරීම සඳහා කළ කෲරකම් සහ ඝාතන ලොමු, දැහැගන්වන සුලුය. එම අසම්මත ව්‍යායාමවල අතුරු ප්‍රතිඵලය වු මරණය සහ මරයේ වේදනාව විස්තර කළ හැකි ජගතෙකු මෙතෙක් පහළ වී නොමැත. ලොව ප්‍රබලම සංග්‍රාමයක් බවට පරිවර්තනය වු ඉරාක යුද්ධයේ දී ඇමරිකා සහ එහි මිත්‍ර පාක්ෂික හමුදාවෝ ලේ පිපාසිත සදාම් හුසේන්ගේ ඉරාක ග්‍රහණයෙන් කුවේටය මුදලා ගැනීම සඳහා අවි බලයට වඩා සංකීර්ණ වු නුතන තාක්ෂණය භාවිතා කළහ.
එහිදි වර්ග සැතපුම් 20ක් වු සෝම් භූමියේ වර්ග සැතපුම් 7ක් අල්ලා ගැනීම සඳහා වු සටනේදී 24 පැයක දී සොල්දාදුවෝ 150,000 ක් මිය ගිය හ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.