Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලින්ක්ස්ගේ සෙවණැල්ල

ලින්ක්ස්ගේ සෙවණැල්ල

About this book

ඕස්ට්‍රේලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වුණත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලු, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාරත්වය යටතට තමන් පත්ව ඇති බව සොයාගනියි.

ඇය වටා සිටිනා සියලුම දෙනා රත්තරන් සෙවීම ගැන හැර වෙනත් කිසිම දෙයක් ගැන නොසිතති. රත්තරන් සෙවීම ඔවුන්ට කොතරම් අත්හැර දැමිය නොහැකි යමක් වෙනවාද කියනවා නම් එම කාර්යයටම අවධානය යොමු කිරීම නිසා මිනිස්සු දිළිඳු බවට පත් වෙති, සමහරු මරණය පවා ළඟා කර ගනිති.

ස්ටර්ලිංග් හෙරික්ට රත්තරන් සෙවීමට උවමනා වන්නේ ඔහුගේ තාත්තා එසේ කළ නිසාය. ලින්ක්ස් ගැන කියනවා නම්, ඔහු රත්තරන් සෙවීමට අවධානය යොමු කරන්නේ ඔහුට යම් හානියක් කළ අයකුට දඬුවම් දීමට මෙන් පෙනෙයි.

ජීවිතය නොවැදගත් ලෙසින් සලකන, ප්‍රචණ්ඩ ලෝකයක ජීවත් වීමට සිදු වෙන නෝරා, රන් සෙවීමේ වාතාවරණයෙන් උද්‍යෝගයට පත් වෙනවා මෙන්ම බලවත් ලින්ක්ස්ගේ බලයට සම්පූර්ණයෙන්ම යටත් වෙයි. එයට සම්බන්ධ වීමෙන් වැළකීමට නොහැකි වීම හේතුවෙන්, නැවතත් එංගලන්තයට සහ ඉපැරණි වයිට්ලේඩීස් මන්දිරයට පැමිණීමට ඇයට මඟ සලසන කුමන්ත්‍රණයකට ඇය සම්බන්ධ වෙයි.

Details
ISBN
9786245519200
පිටු ගණන (Pages)
567
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ලින්ක්ස්ගේ සෙවණැල්ල

Reviews are published once a member of our team has read them.