මා මෙන් දහස් ගණනකි ඔබ
කවිය භාෂාත්මක චිත්‍රයක් සේ පෙනෙන නමුදු එහි සැරිසරන මනුෂ්‍ය අධ්‍යාත්මයේ රුව ගුණ සැඟවිය හැකි නොවේ. කවිය එකී අධ්‍යාත්මයේ හරස් කඩක් අපට නිරාවරණය කරයි. අර්ථ සඳෙස් රත්නායක නමැති ළමා කාව්‍යක්කරයාගේ කවි අපට පසක් කරදෙන්නේ ද එවන් නිහඬ කාව්‍ය පරිකල්පනයක අසිරියයි. වයස 14ක දරුවකු තුළ ඇති වැඩුණු කවි උල්පත් දැක මා මවිතයට පත් වූ බව කිව යුතු ය. වයස යනු අංකයක් පමණක් මිස කාව්‍ය පරිකල්පනය තක්සේරු කළ හැකි මිම්මක් නොවන බවට ඔහුගේ කවි කදිම නිදසුන් සපයයි. ඔහු සිය ළමා මනසින් සංජානනය කරන ජීවන තතු, මානව සබඳතා සහ සමාජ නිරීක්ෂණය කිසිසේත් සරල නැත. ඇතැම් විටක සියුම් දාර්ශනික චින්තාවක එළිය ද ඔහුගේ කවියක මට මුණගැසේ. එය අප තුළ බලපොරොත්තු දල්වයි. උස් මහත් වන කවි උල්පතක නිසැක කවි ලකුණු ඒ කවි තුළ හුස්ම අල්ලන හඬ මට ඇසේ. ජීවිතය සහ ලෝකය වෙත හෙළන දයාර්ද බැල්ම ද අර්ථගේ 'මා මෙන් දහස් ගණනකි ඔබ කාව්‍ය සංග්‍රහයේ එන බොහෝ කවි තුළ විශද වේ. ඒ සිහින් කවි උල්පත් විඳි මම ලාංකේය කවියේ හෙට දවස පිළිබඳ සොම්නසින් ඉපිල යමි.
සමරද්දී නව වසරක්
සන්තුෂ්ටියෙන් - උත්කර්ෂයෙන් ඇත ළමුන්
කොහේ හෝ රෝහලක ඔත්ලප ව
කොහේ හෝ වීදියක සිගමනක
කොහේ හෝ මඩමක තනි ව
රවි සිරිවර්ධන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.