මා මෙන් දහස් ගණනකි ඔබ

Special Price රු. 351.00 Regular Price රු. 390.00
In stock
SKU
ma-men-dahas-gananaki-oba-artha-sades-rathnayake-santhawa

කවිය භාෂාත්මක චිත්‍රයක් සේ පෙනෙන නමුදු එහි සැරිසරන මනුෂ්‍ය අධ්‍යාත්මයේ රුව ගුණ සැඟවිය හැකි නොවේ. කවිය එකී අධ්‍යාත්මයේ හරස් කඩක් අපට නිරාවරණය කරයි. අර්ථ සඳෙස් රත්නායක නමැති ළමා කාව්‍යක්කරයාගේ කවි අපට පසක් කරදෙන්නේ ද එවන් නිහඬ කාව්‍ය පරිකල්පනයක අසිරියයි. වයස 14ක දරුවකු තුළ ඇති වැඩුණු කවි උල්පත් දැක මා මවිතයට පත් වූ බව කිව යුතු ය. වයස යනු අංකයක් පමණක් මිස කාව්‍ය පරිකල්පනය තක්සේරු කළ හැකි මිම්මක් නොවන බවට ඔහුගේ කවි කදිම නිදසුන් සපයයි. ඔහු සිය ළමා මනසින් සංජානනය කරන ජීවන තතු, මානව සබඳතා සහ සමාජ නිරීක්ෂණය කිසිසේත් සරල නැත. ඇතැම් විටක සියුම් දාර්ශනික චින්තාවක එළිය ද ඔහුගේ කවියක මට මුණගැසේ. එය අප තුළ බලපොරොත්තු දල්වයි. උස් මහත් වන කවි උල්පතක නිසැක කවි ලකුණු ඒ කවි තුළ හුස්ම අල්ලන හඬ මට ඇසේ. ජීවිතය සහ ලෝකය වෙත හෙළන දයාර්ද බැල්ම ද අර්ථගේ 'මා මෙන් දහස් ගණනකි ඔබ කාව්‍ය සංග්‍රහයේ එන බොහෝ කවි තුළ විශද වේ. ඒ සිහින් කවි උල්පත් විඳි මම ලාංකේය කවියේ හෙට දවස පිළිබඳ සොම්නසින් ඉපිල යමි.

සමරද්දී නව වසරක්

සන්තුෂ්ටියෙන් - උත්කර්ෂයෙන් ඇත ළමුන්

කොහේ හෝ රෝහලක ඔත්ලප ව

කොහේ හෝ වීදියක සිගමනක

කොහේ හෝ මඩමක තනි ව

රවි සිරිවර්ධන

Author අර්ථ සඳෙස් රත්නායක-artha sades rathnayake (1)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 97876245594184
පිටු ගණන 83
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මා මෙන් දහස් ගණනකි ඔබ
Back to Top