Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මා නොවු මම
About this book

සෙආ පර්සන්ගේ උද්‍යෝගිමත් සීයා වූ පපා ඩික් ශිෂ්ඨ සමාජය අතහැර ආහාර මුදල් ඇතුළු සියළු සැපයුම් හිඟ වනාන්තර පැවැත්මක් තෝරාගන්නේ 1960 අවසන් කාලයේය. කැලිෆෝනියා නගරාසන්න ජීවිතයෙන් සිය පවුල ඉවත්කර ගන්නා ඔහු ඔවුන් රැගෙන යන්නේ කැනඩාවේ වනගත ප්‍රදේශයක් වෙතය. ඒ වනවිට සෙආ ළදරුවෙකි.

විදුලිබලය, කරාම ජලය හෝ නොමැතිව ඇගේ ගැටවර වියේ අම්මා මිෂෙල් සමඟ ඊළඟ දශකය කැන්වස් ටිපියක් තුළ ගෙවා දමන්නේ බිහිසුණු සුළිකුණාටු, ආහාර හිඟකම සහ දරුවකු හදාවඩා ගැනීමට වඩා සිත් අළලනය ගැන උනන්දුවෙන් පසුවූ වැඩිහිටියන් අරාවක අනුකම්පාව යටතේය.

කෙසේ නමුත් මිෂෙල්ට එක් තීරක මුලාංගයක් වූයේ පිරිමියෙකු නොමැති වීමය. එක් පෙම්වතෙකුගේ සිට තවත් එකෙකු වටා භ්‍රමණය වෙමින් ආලය සොයා වේගයෙන් ක්‍රියාත්මක වන විට සෙආටද සිදුවූයේ ඇය සමඟම ඉදිරියට යාමටය. පසුකළෙක එය සෙආට අමිහිරි අත්දැකීමක් මෙන්ම කටුක අවදිකිරීමක් වී තිබිණි. වඩාත් සාමාන්‍ය ජීවිතයක් කෙරෙහි ඇතිවූ බලවත් කැමැත්තෙන් වෙලීයන ඇය ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේ ඇගේ අතිශය අසාමාන්‍ය ලෝකය හා එය මධ්‍යයේ සිටි සුබපරමවාදී ගැහනිය සම්බන්ධවය. සාර්ථක අන්තර්ජාතික නිරූපිකාවක් ලෙස ඇයට එම ප්‍රයත්නයේදී මුහුණ දීමට සිදුවන්නේ බරපතල අභියෝගයන්ටය.

සංවේගය උපදවන, ඉතා ඛේදජනක, එහෙත් සමහර අවස්ථාවල කවට හා විනාශ වූ තම පවුල ගැන වූ කරුණාවෙන් යුතු මේ කර්කෂ ස්වචරිතාපදානය බහුවිධ ක්‍රියාකාරීත්ව විෂමතාවයෙන් යුතු පර්සන් පවුලේ ගමන් මඟ ගැන විස්තරයකි.

ISBN
97862467008214
පිටු ගණන (Pages)
375
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මා නොවු මම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.