Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මාගම් සෝලි
About this book

පොළොන්නරුව පුලස්තිගම ගම්මානයේ උපත ලද සුමිත් නානායක්කාර පො/ විජිත මධ්‍යමහා විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව (ගෞරව) උපාධියත් අනතුරුව ජන සන්නිවේදනය පිළිබඳව පශ්චාත් උපාධියත් ලබා ඇත්තෙකි. ‘යොවුන් ජනතා’ පුවත්පතින් ලේඛන කලාවට පිවිසි ඔහු සම්මානනීය වේදිකා නාට්‍යකරුවකු මෙන්ම කවි කෙටිකතා නවකතාකරුවෙකු ලෙස ද නමක් දිනා සිටී. 
 
ඔහු ලියූ ‘මාගම් සෝලි’ නවකතාව 2008 වර්ෂයේ දයාවංශ ජයකොඩි නවකතා අත්පිටපත් තරඟයේ හොඳම නවකතාව ලෙසත් 2009 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවැනි වටය සඳහා නිර්දේශිත නවකතාවක් ලෙසත් ඇගයීමට ලක් විය. මීට අමතරව 2011 වසරේ පළකළ ‘චෞර උන්මාදය’ නවකතාවත්, 2012 වසරේ පළ කළ බලපුළුවන්කාරයෝ කෙටිකතා සංග්‍රහයත්, 2018 වසරේ පළකළ 'යකඩ යක්කු' නවකතාවත් 2019 වසරේ පළකළ ‘යකඩ ඉට්පන්දම්’ නවකතාවත් ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනේ.

ISBN
9789555517195
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාගම් සෝලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.