Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මගේ අපස්රාවී

මගේ අපස්රාවී

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

පසුගිය දශක පහක් තුළ මා අත පත් වූ දහස් ගණනක් ගීත රචනා අතර සුනිල් ආර් ගමගේ සාහිත්‍යවේදියාණන්ගේ සුවිශේෂී ගී පද ආකෘතිය අන් කිසිදු රචකයකුගේ නිර්මාණයක් තුළ මා නොදුටු බව පළමු කොට සඳහන් කරමි.

විෂම පාද මාත්‍රා රටාවකින් හා කෙටි පද වලින් යුත් ඔහුගේ රචනා තුළ “සැඟව” ගත් රිද්ම රටා එක් වරම ග්‍රහණය කර ගැනීම අපහසු වුවද තරමක ආයාසයකින් යුතුව ඒ මත සැරිසරා අවසන, ඊට ගැලපෙන තනුවක් නිර්මාණය කීරීමේදී ලද අමුතුම ආශ්වාදජනක තෘප්තියක් මගේ සිතට දැණුන අවස්ථා බොහොමයකි. " කවිය ඔබ", රාත්‍රිය වී, " හුදෙකලා වූ පෙම්වතාණෙනි", '' පිවිතුරුය පළමු පෙම”, “මගේ අප්සරාවී ", වැනි ගීත එයට හොඳම නිදසුන් ය.

ගී පද රචනයේ දී දක්වන අපූර්වත්වයට අමතරව සුනිල් ආර් පිළිබඳව මා සිත තුළ පවතින ගෞරවාදරය පිරිනැමෙන තවත් විශේෂී ජාතික මෙහෙවරකි. ඒ කවරක්ද ? අප සංගීත ක්ෂේත්‍රයේ ගී පද සහ තනු නිර්මාණකරුවන්ගේ බුද්ධිමය දේපළ හිමිකම් දිනා ගැනීම, සුරැකීම හා සුබ සාධනය ආදී කටයුතු වෙනුවෙන් පහුගිය දශකයකට ආසන්න කාලය පුරා ඔහු සිදු කර ඇති අනුපමේය සේවයයි.

දිවයින පුරා පැවැත්වෙන සංගීත ප්‍රසංග වල ගී පද සහ තනු නිර්මාණකරුවන් හට ලැබිය යුතු කතෘභාග මුදල් එක් රැස් කොට අදාළ නිර්මාණ ශිල්පීන්ට ලබා දීම එක් සාධනීය මෙහෙවරකි. ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා වල නාලිකාවල නිරතුරුවම විකාශනය වන ගීත සඳහා නිර්මාණකරුවන්ට හිමි විය යුතු කතෘභාග මුදල් අනිවාර්යෙන්ම ගෙවිය යුතු බවට ගැසට් පත්‍රයක් මගින් නියෝගයක් ලබා ගැනීම අනෙක් ජයග්‍රහණයයි.

අද කිසියම් ප්‍රමාණයකට හෝ ගීත නිර්මාණකරුවන්ට ආර්ථික අයිතිවාසිකම් හිමි වන්නේ සුනිල් ආර්ගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම නිසා බව, ක්ෂේත්‍රය තුළ ඒ වරප්‍රසාද භුක්ති විඳින බහුතර පිරිසක් නොදන්නවා විය හැක. එසේම මේ සියළු කටයුතු වෙනුවෙන් සුනිල් ආර් නිහඬවම වෙහෙස වූයේ කිසිදු ප්‍රචාරණ හෝ ප්‍රතිලාභ හෝ අපේක්ෂාවෙන් තොරව බව දන්නේ ඔහුගේ සමීපතම අතලොස්සක් දෙනා පමණි.

ආචාර්ය රෝහණ වීරසිංහ

ISBN
9786242042831
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ අපස්රාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.