Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මහ රෑ
About this book

විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය. 

''මේ මොන මඟුලක්ද ?''  යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු‌ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්‍රෙහෙලිකාවක් විය. 

වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී. 

හිස තබාගෙන සිටි ‌කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි. 

මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නාරද ඇඳෙ පැත්තකින් වාඩි විය. කොච්චර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කර ගන්නට හැකි වූයේ නැත. 

ඔළුවේ ඉඳන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අචිනිට කියා තිබේ. හුසම ගන්න අමාරු නිසාය. නාරද අත දිගුකර අචිනිගේ පෙරවනය පහත් කළේය. 

අචිනි හිටියේ උඩුබැලි අතටය. 

ඇගේ දෑස් විවර වී තිබිණි.  

ISBN
9786245572779
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. මදි
    නිහාල් මහත්මයාගේ කලින් පොත් සහ කතා එක්ක බලද්දි මහ රෑ කියන්නේ ගොඩක් ගොඩක් ගොඩක් පහල මට්ටමින් තියන්න පුළුවන් පොතක් මට නම්. සරල ගණයේ කතාවක්. ඇත්තටම මෙතුමාගෙන් අලුත් පොතක් එනකම් කොච්චර කල් බලන් හිටියද? ඒත් මේ පොතෙන් නම් ඒ බලාපොරොත්තු ඉටු වුණේ නැහැ. තාමත් මුද්‍රිත පොත් වශයෙන් පල නොකරපු ලස්සන කතා ගොඩක් මෙතුමාගේ තියෙනවා. ඒවා පල කරන්න මුල පුරන්න කියලා තමා ඉල්ලන්නේ.
    Mayura රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: මහ රෑ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.