Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මහලු ආක්‍රමණිකයා

මහලු ආක්‍රමණිකයා

About this book

අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ඉතා අනගි දෙසුමක් 'චක්කවත්ති සීහනාද සූත්‍රය නමින් දීඝ නිකායෙහි සඳහන් වේ. අනාගත මිනිස් සංහතියෙහි මේ පවතින යුගයෙහි අවසානය සනිටුහන් කරමින් මිනිසුන් තුළ මෘග සංඥාව පහළ වී එකිනෙකා මරාගැනීම ගැන අද්භූත විවරණයක් එහි ඇතුළත් ය.

විවරණය වස්තු බීජය කොට කදිම ප්‍රබන්ධ කතාවක් යොවුන් ලේඛකයකු විසින් නිර්මාණය කොට තිබේ. 'මහලු ආක්‍රමණිකයා යන හිසින් එළිදක්වා ඇති මෙම නවකතාව මෘග සංඥාව පහළ කරගත් මිනිසා පිළිබඳව සංවේගජනක සිද්ධි මාලාවක් ඉදිරිපත් කරයි.

මනා ලෙස හසුරුවනු ලැබූ භාෂා කෞශල්‍යයකින් යුතුව, පාඨක කුහුල රඳවා ගනිමින් චේතිය ප්‍රනාන්දු නමැති යොවුන් ලේඛකයා විසින් ප්‍රබන්ධිත මෙකී නවකතාව 2016 ජාතික යෞවන සම්මාන උළෙලෙහි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත. චේතිය ප්‍රනාන්දු යොවුන් පුතු හට සිය ලේඛන කුසලතාව තුළින් අනාගතයෙහි විශිෂ්ට ගණයේ ලේඛකයකු ලෙස මානව සමාජය යථාර්ථවාදීව ප්‍රබුද්ධවත් කිරීමට තෙරුවන් සරණ ලැබේවා!යි සෙත් පතමි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

ISBN
9789556863505
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහලු ආක්‍රමණිකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.