Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මක්සිම් ගොර්කි තෝරාගත් කෙටි කතා

මක්සිම් ගොර්කි තෝරාගත් කෙටි කතා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මක්සිම් ගෝරකි - තෝරාගත් කෙටි කතා නම් වූ මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද්‍රගු විසිනි.

1929 ජුනි 25 දා කොළඹ දී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගීමත් ක්‍රියාධරයෙක් විය. 1960 දී මොස්කව්හි ''ලුමුම්බා'' මිත්‍රත්ව සරසවියට ඇතුළත් වු ඔහු එහි දී වෛද්‍ය උපාධිය හිමි කරගත්තේය.අනතුරුව මොස්කව්හි ම වෛද්‍ය සේවයෙහි නිරත වු හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතුවල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දී ම මිය ගියේය රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘතින් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීමෙන් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉටු වු මෙහෙවර අගයමින් 2005 ඔක්තොම්බර් 27 දා කොළඹ දී ඔහුගේ නමට ලියෝ තොල්ස්තෝයි සම්මානය පුදනු ලැබීය. විශ්ව සාහිත්‍යයෙහි අද්වීතිය ස්ථානයක් හිමි කරගෙන ඇති රුසියානු හා සෝවියට් සාහිත්‍ය ශ්‍රී ලාකේය ජනතාව අතර ද ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වු විෂයයකි. පසුගිය කාලයේ මොස්කව්හි ප්‍රගති, රාදුගා වැනි රාජ්‍ය ප්‍රකාශන ආයතන මගීන් රුසියානු හා සෝවියට් කෘතින් සිංහලයට පරිවර්තනය කරවා මුද්‍රණය කර මෙහි එවීමේ ක්‍රියාවලියක් පැවතීයේ ය.මෑත කාලයේ එම ක්‍රියාවලිය ඇනහිටීමේ හේතුවෙන් එකී සාහිත්‍ය මෙරට ප්‍රචලිත වීම අඩාල වු බව නොරහසකි. එවතුදු, යථෝක්ත කෘතින් මෙරට ප්‍රකාශකයන් ලබා නැවත මුද්‍රණය කරවා පළකිරිමේ නව ක්‍රියාවලියක් කොළඹ රුසියානු කේන්ද්‍රය ආශ්‍රිත රුසියානු සාහිත්‍ය කවය මගින් ආරම්භ කොට පවත් වාගෙන යනු ලැබේ.එහි අරමුණ වන්නේ ඒවා මුල් කෘතින් මෙන් විධිමත්ව ද මනා නිමාවකින් යුතුවද පාඨකයින් අතට පත් කිරීමටයි. එපරිදි පහත ලාංජනය සහිත මෙවන් කෘති අපගේ සහසම්බන්ධය ඇතිව මුද්‍රිත මුල් කෘතියේ අව්‍යාජ පිටපත් ලෙස සැලකුව මනාය.
ISBN
97889553040206
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මක්සිම් ගොර්කි තෝරාගත් කෙටි කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.