Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මළවුන්ගේ හෝරාව

මළවුන්ගේ හෝරාව

About this book

19 වන සියවසේ අග භාගයේදී බ්‍රෑම් ස්ටෝකර් නමැති ලේඛකයාගේ පන්හිඳෙන් නිර්මාණය වූ ඩ්‍රැකියුලා නවකතා පෙළ ලාංකීය පාඨකයාට ආගන්තුක චරිතයක් නොවීය. එහෙත් ඊට පසු කාලයේදී පැමිණි හොල්මන් හෝ අද්භූත වර්ගයේ කතාවලට ඩ්‍රැකියුලා තරම් ජනප්‍රියත්වයක් අත්කර ගත නොහැකි විය. එහෙත් මේ වර්ගයටම අයත් පොත් ගණනාවක් පසුගිය කාලය පුරාම දැකගත හැකි විය. එවැනි පොත් ලියු ලේඛකයන් අතර ආර්. එල්. ස්ටයින්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔහුගේ විශේෂත්වය වන්නේ ඔහු ළමා හා තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් ග්‍රන්ථකරණයේ යෙදෙන ලේඛකයකු වීමයි. ඔහු දැනට පොත් සියයකට වැඩි ප්‍රමාණයක් පළකර ඇති අතර ඒ සියල්ලම ළමා හා තරුණ පරපුර වෙනුවෙන් රචිත ඒවා වෙයි. අනෙක් විශේෂත්වය වන්නේ ඔහු ඒ පොත් සියල්ලම පාහේ අද්භූත සිදුවීම් සහ හොල්මන් කතා තේමා කරගනිමින් නිර්මාණය කිරීමයි. කුඩා අවදියේ සිට ග්‍රන්ථකරණයට යොමු වූ මේ අපුරු ලේඛකයා සිය මනස තුළ ජීවත් වූ චරිතවලට සහ ඔහුට සමාජය තුළ දී දකින්නට ලැබුණු චරිතවලට ජීවය දෙමින් ඊට සිය අත්දැකීම්ද එක් කොට ගනිමින් රචනා කළ කතා රාශියක් මේ වන විට ග්‍රන්ථ ලෙස මුද්‍රණය වී තිබේ. The Haunting Hour කෘතියට පාදක වෙන්නෙත් ඒ ආකාරයට ඔහුට මුහුණ පාන්නට සිදු වූ අත්දැකීම් සහ ඔහුගේ මනසේ මැවුනු චරිත ඇසුරින් ප්‍රබන්ධය කරන ලද කතා දහයකි.

ISBN
9789550171408
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මළවුන්ගේ හෝරාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.