මල්බෙරි සමය
නිර්මාණයක් ඔස්සේ හුදු කතා පුවතක් රස විඳීම යන
කරුණින් ඔබ්බට පිවිස, ඉන් වහනය වන නැවුම්, ‘අත්දැකීමක්’
ද විඳ ගනිමින් ජීවිත පරිඥානය පුළුල් කර ගත හැකි
වන්නේ නම් එය පාඨකයෙකුට නිර්මාණයකින් අත් විය හැකි
ඉහළම පලයයි. සිද්ධි සහ අවස්ථා (Situations) විෂයෙහි
විශේෂාවධානය යොමු කරමින් සමාජ ව්‍යූහයෙහි කඩා වැටීම්,
ක්‍රියාකාරී යාන්ත්‍රණයෙහි සෝදා පාළුවීම් හා නායයාම් හුදු
වාර්තාකරණය අභිබවන, කලාත්මක විවිරණයකින් මෙන්ම
‘බුද්ධිමය’ දැනුමත් භාවයකින්ද යුතුව සංක්ෂිප්තව පාඨකයා
අභිමුව තැබීම කෙටිකතාකරණයේ භාවිත වැදගත් ශිල්පීය
මෙවලමකි.
කෙටිකතාවක් ගැඹුරු, අර්ථාන්විත පරිකල්පනයෙන් හා
නිවැරදි භාෂා යෝජනයෙන් අංග සම්පූර්ණව පාඨකයා අතට
පත් නොවන්නේ නම් එය තම අත පත් නීරස භෝජනයක්
මෙන් පාඨකයාට හැඟී යනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.