Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මම මලක් වෙලා..
About this book

‘මම මලක් වෙලා’ නම් වූ මෙම ප්‍රණීතාංගය ඊ. එම්. ඩී. උපාලි හඳුන්වන්නේ ‘මියැසි ආඛ්‍යානය’ යන අපූරු නාමකරණයෙනි. සේනක දේවාදිත්‍ය නම් වූ චරිතය මුල් කරගෙන සංකීර්ණ මානව අත්දැකීම් රැගත් කතා පුවතක් මෙහිදී ගීයට නැගේ.

කුලරත්න ආරියවංශ

සේනක දේවාදිත්‍ය විශේෂිත දේශපාලන හා සංස්කෘතික ගෝත්‍රයකට අයත් කෙනෙකු ලෙස සැලකීමට පුලුවන්. ඔහු ලංකාවට පැමිණ පදිංචි වන කොළඹ මෝදර පිහිටි ජමාල්දීන්ගේ ඇනෙක්සිය තෙ යන අතරතුර ඔහු මඳ වේලාවක් 2019 පාස්කු දින බෝම්බ ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ පල්ලිය අසල නැවතී ඒ ඛේදවාචකය ස්මරණය කරයි. 

නිර්මාල් රංජිත් දේවසිරි

උපාලි මාත් එක්ක සුනිල් (ජිප්සීස්) හමුවෙන්න රත්මලානට යද්දී මගෙන් ඉල්ලීමක් කළා, මේ වැඩේ පූරක භූමිකාව මට භාර ගන්නා ලෙසට. දැන් මේ ‘මම මලක් වෙලා’ නමින් ජනගත වෙන වැඩේ දිහා බැලුවාහම, මට පේන්නේ උපාලි මාව ‘පාවිච්චි කරලා’ තියෙන්නේ වෙනමම හැඩේකට.

ඩබ්ලිව්. ජයසිරි

‘සේනක දේවාදිත්‍ය’ කියන කල්පිත චරිතයක් රූපණය කරන්නට මගේ රූපකාය ඉල්ලන වේලාවේ, උපාලි මේ මොකක්ද කරන්න යන්නේ කියලා මට නං අන්දෝසංසාරයක් තේරුණේ නැහැ. යාළුකම නිසා මාත් ඔහේ දරාගෙන උන්නා. ඒත් වැඩේ ඉවර උනාමයි තේරුණේ මේ වැඩෙත් මොකක් හරි දෙක් තියෙනවයි කියලා.

හේමන්ත අරුණසිරි

පාසැල් නාට්‍ය විනිශ්චයන් සඳහා යන ගමන්වාර අතරතුර උපාලිගේ ‘කර්තෘ ආඥාතයි’ (2007) කවිපොතේ එන ‘ගෙදර යන ගමන්’ යන කවිපෙළ අමරසිරි පීරිස්ගේ හඬින් ගීතයක් බවට පෙරළුනු 2019 අප්‍රේල් මාසයේදී, මං හිතුවේ නෑ ඒ ඇරඹුම ගීත 30ක් දක්වා අප දෙදෙනා ඉදිරියට ඇදගෙන යාවිය කියලා.

ආනන්ද ගමගේ

කියන්න තියෙන දේවල් සියල්ලම පාහේ ගීත 30කින් කියලා අවසන් කරපු නිසා මට ඔබට කියන්න අලුත් දෙයක් මේ මොහොතේ ඉතුරු වෙලා නැහැ. කාලයාගේ ඇවෑමෙන් එහෙම කියන්නට දෙයක් රැගෙන ඔබව යළි හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්

ඊ. එම්. ඩී. උපාලි

0777315996

[email protected]

ISBN
9786245638703
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මම මලක් වෙලා..

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.