Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මම නොරිකොසං

මම නොරිකොසං

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

අපි පස්දෙනා හරියට අතේ ඇගිලි පහ වගේ.... ලංකා, විශ්ව, චාමික, සාමක, ඕෂධ....

සුළැඟිල්ල තමයි ඕෂධ, සුළැඟිල්ල වගේ උනාට ඉස්සරහින්ම ඉන්නෙ ඌ තමයි. අපි 4 දෙනාටම වැඩිය ඉස්සරහට ඌට යන්නත් පුළුවන් බව මට හිතෙනව. දෙවනි ඇඟිල්ල තමයි සාමක, අපේ කතානායකය. අතක තියෙන, හදවතට සමීපම සංවේදීම ඇඟිල්ල, ලෝකෙ වටිනාම දේවල් පළඳවන්නෙ ඒකනෙ. ඌත් ඒ වගේ තමයි. බොහොම නිහඬ වැඩි කළබලයක් නැති සංවේදී කෙනෙක්. ඒ වගේම අපි 4 දෙනාටම නොපෙණුන වටිනාකමක් අනිත් මිනිස්සුන්ට පේනව. මම ඒක දැකල තියෙනව.

මැදගිල්ල තමයි චාමික, බොහොම කැපී පෙනෙන ඇඟිල්ලක්නෙ. ඌත් ඕනම තැනක බොහොම කැපීපෙනෙන කෙනෙක් තමයි. ඒක ඉබේටම වෙනව.

දබරගිල්ල තමයි මම, කවදාවත් දබරෙට යන්නෙ නම් නෑ. ඒත් මේ තුන් දෙනාටම පිටිපස්සෙන් ඉඳගෙන බලාගන්නෙ මම තමයි. ඒ වගේම අපි වෙනුවෙන් ඕනම වෙලාවක, ඕන කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්නත් මම ලෑස්තියි.

ඕනම අතක ශක්තිය තමයි මාපට ඇඟිල්ල, අපේ ශක්තිය අපේ ලොකු අයිය. මොනව කලත් අත මිට මෙලෙව්වම මාපට ඇගිල්ලට අනිත් ඔක්කොම ඇඟිලි ටික යටයි. ඕනම දෙයක් කරන්න ඕන හොඳම විදිය දන්නෙ අපේ ලොකු අයිය. අපිත් හැමදේම පටන් ගන්න කලින් තාත්තගෙන් වගේ අහන්නෙ අයියගෙන්. මේ තමයි අපි .....

ඉතින් මේ කවිය කොහෙන්ද ආවේ ..... සාමක (දේශෝ) ට වගේම අනිත් අයටත් මේ හැකියාව තියෙනව. හැබැයි එකෙන් හොඳටම වැඩ ගන්නෙ ඌ තමයි. මේ හැකියාව අම්ම තාත්තගෙන් උරුම වෙච්ච දෙයක්. අපේ තාත්ත හොඳ හිටිවන කවිකාරයෙක්. අම්මටත් ලස්සනට ලියන්න පුළුවන්කම තිබුණ. ඉතින් මේ පරම්පරාගත හැකියාව ඉදිරියටම ගෙනියන්න උඹට තව තවත් ශක්තිය ලැබේවා සහෝදරය.......

මීට

පොඩි අයියා විශ්වා

Details
ISBN
9789557125107
පිටු ගණන (Pages)
61
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මම නොරිකොසං

Reviews are published once a member of our team has read them.