Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මං ඇවිදින් වෙන පංතියකට

මං ඇවිදින් වෙන පංතියකට

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගුරු වෘත්තිකයන්ගේ කාව්‍ය නිර්මාණ සරණියක් ජනගත වීම කවි පොතක් අලුතින් පළ වීමට වඩා ගැඹුරු බලපෑම් සහගත කටයුත්තකි. ගුරුවරයා යනු දරුවන් ශික්ෂණය කිරීමේ භාරධූර වගකීම ඉටු කරන්නාය. දැනුම ලබා දීමෙන් පමණක් ශික්ෂිත බව ඇති නොවේ. රසවින්දනයට, සංශ්ලේෂණයට සහ විශ්ලේෂණයට හුරු මනසක් ඇති කිරීම ඒ මගයි. දරුවන් ශික්ෂණය කිරීම ගුරුවරයාට සුදුසුකම් ලැබෙන්නේ ද පූර්වෝක්ත මාර්ගයෙහි යෑමෙනි.ඒ අනුව ගුරුවරයා සාහිත්‍ය නිර්මාණකරුවකු වීම ශිෂ්ට සම්පන්න සමාජ්යක් ගොඩ නැගීමේ මුල් පියවර වනු ඇත.

දරුවන්ට සාහිත්‍ය හුරුව ඇති කළ හැකි වන්නේ ගුරුවරයාට එම හුරුව ඇති විටය. ඒ අනුව බලන කල ගුරුවරුන් පිරිසකගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් මේ කෘතිය කාලෝචිත වෑයමකි. එමෙන් ම ඉහළ ප්‍රතිභාවක් විශද කරන නිර්මාණ කිහිපයක් ම මෙහි අන්තර්ගත වීම කාව්‍ය රසිකයන්ගේ අමන්දානන්දයට ද හේතු වනු නිසැක ය. මෙම කවි එකතුව විද්වත්, රසික පර්ෂද අතර වින්දනයට හා විමංසනයට පත් වේවායි පතමි.

ISBN
9786245765133
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මං ඇවිදින් වෙන පංතියකට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.