මං දන්නවා

Special Price රු. 261.00 Regular Price රු. 290.00
Out of stock
SKU
man-dannawa-saman-bhawi-publisher

සමන් කළුආරච්චි මහතා විසින් රචිත මං දන්නවා නමැති මෙම කෘතිය කාලීන වශයෙන් ඉමහත් වැදගත්කමක් දරනු ලැබේ. අද අප රටේ නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන ළමා අපයෝජන ඇතුළු විවිධ ගණයේ අපරාධ පිළිබඳව ළමයා දැනුවත් කිරීම මගින් ඒවා වළක්වා ගැනීමට යම් තරමක හෝ පිටුබලයක් ඇති විය හැකි වේ. මෙම ග්රන්ථයේ ඇති වටිනාකම වන්නේ ළමයාට තේරුම් ගත හැකි සරල බසකින් එය සන්නිවේදනය කිරීමට කතුවරයා සමත්වී තිබීමය. අද අප විසින් කළ යුත්තේ අවදානම, අනතුර හා අභියෝගය කල්තියා හඳුනාගත හැකි දරුවකු බිහි කිරීමය. ළමා අවධියේදීම දරුවා තුළ එම කුසලතාව වඩවාලීම මගින් සවිමත් පෞරුෂත්වයකින් හෙබි දරුවකු ඇති දැඩි කර ගත හැකි හෙයින් සියලු දෙමව්පියන් විසින් සිය සිඟිති දරුවන් අතට පත් කළ යුතු අත් පොතක් ලෙස මෙම ග්රන්ථය දකිමි. දුරු රටක සිටියද සිය උපන් දේශයේ අනාගතය යහපත් කිරීමේ අභිලාෂයෙන් කළුආරච්චි මහතා දරන මෙම ප්රශංසනීය වෑයම ඉමහත් ලෙස අගය කරමින් මම ඔහුට සුභ පතමි.

Author සමන් කලුආරච්චි - Saman Kaluarachchi (7)
Publisher භාවී ප්‍රකාශන - Bhawi Publisher (1)
More Information
ISBN 9789554581012
පිටු ගණන 34
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මං දන්නවා
Back to Top