මං දන්නවා
සමන් කළුආරච්චි මහතා විසින් රචිත මං දන්නවා නමැති මෙම කෘතිය කාලීන වශයෙන් ඉමහත් වැදගත්කමක් දරනු ලැබේ. අද අප රටේ නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන ළමා අපයෝජන ඇතුළු විවිධ ගණයේ අපරාධ පිළිබඳව ළමයා දැනුවත් කිරීම මගින් ඒවා වළක්වා ගැනීමට යම් තරමක හෝ පිටුබලයක් ඇති විය හැකි වේ. මෙම ග්රන්ථයේ ඇති වටිනාකම වන්නේ ළමයාට තේරුම් ගත හැකි සරල බසකින් එය සන්නිවේදනය කිරීමට කතුවරයා සමත්වී තිබීමය. අද අප විසින් කළ යුත්තේ අවදානම, අනතුර හා අභියෝගය කල්තියා හඳුනාගත හැකි දරුවකු බිහි කිරීමය. ළමා අවධියේදීම දරුවා තුළ එම කුසලතාව වඩවාලීම මගින් සවිමත් පෞරුෂත්වයකින් හෙබි දරුවකු ඇති දැඩි කර ගත හැකි හෙයින් සියලු දෙමව්පියන් විසින් සිය සිඟිති දරුවන් අතට පත් කළ යුතු අත් පොතක් ලෙස මෙම ග්රන්ථය දකිමි. දුරු රටක සිටියද සිය උපන් දේශයේ අනාගතය යහපත් කිරීමේ අභිලාෂයෙන් කළුආරච්චි මහතා දරන මෙම ප්රශංසනීය වෑයම ඉමහත් ලෙස අගය කරමින් මම ඔහුට සුභ පතමි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.