මන්දස්මි
''අඬන එක නැවැත්තුවේ නැත්නම් මං තමුසෙට මේ තෑගි එක්කම ළමයෙක් දෙනවා මන්දස්මි...''
දෙතොල හපාගෙන ඇය කඳුළු නවතගෙන ඔහු දෙස බැලුවේ දෑසින් පවා ඔහුට රවමින්.
''මේක අරන් යන්න.. තාම අපි දෙන්නගේ අතර අම්මට කියන්න දෙයක් නෑ.. එක්සෑම් ඉවර වෙනකන් මං ඉන්නවා.. හැබැයි වෙන එකෙක් දිහා බලලා තිබුණොත් තමුසෙට කලින් මං ඌව මරනවා.. ඊට පස්සේ උස්සගෙන ඇවිත් මගේ කරගන්නේ.. ඒ නිසා පරිස්සමෙන්.. ආ මේක ගන්න...''
''නැත්නම් මං අද හවසට ඇවිත් අම්මා ඉද්දි මේක දීලා යන්නම්...''
මන්දස්මි ඔහුට රවාගෙනම ඒ බෑග් එකත් උස්සගෙන මෝටර් රථයෙන් බැස්සේ සෂේතත් ඇය හා මෝටර් රථයෙන් පිටතට පැමිණේදදි.
ගස්සගෙන රවාගෙන ගත්තට මොකද ඒ පාර්සලය ඇයට උස්සන් ඉන්න බැරි තරමට බරයි.
''ඕවා එකක්වක් විසි කරලා තිබ්බොත් බලාගන්නම්...''
ඇය යද්දි මෝටර් රථයෙන් බැසගත් ඔහු පවසද්දී මන්දස්මි සාගරිගේ අතත් අල්ලන් බස් නැවතුම්පොළට ඇවිදන් ගියේ පුදුම කලබලයකින්.
''පව් බන් ඒකි...''
හිරාන් පැවැසුවේ ඇය ඈතට ඇදෙන දෙස බලා සිටින සෂේතගේ උර වටා දෑතක් යවමින්.
''පව් තමයි උඹ දන්නෑ මට ඇතුළෙදි දාපු ස්ද්දේ...මේ යමන් කෙල්ල පරිස්සමෙන් යනවද බලන්න ඕන..''
ඔහු එසේ පවසමින් රියදුරු අසුනට ගොඩ වෙද්දි හිරාන්ද ඔහු හා එහා අසුනට ගොඩවූවා. ඇය නිවසටම ගොස් මිනිත්තු කිහිපයක් ගත වුණාට පස්සෙයි ඔහු යන්න ගියේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.