මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්
ශ්‍රී ලංකා යුද හමුදාව, මාතෘ භූමියේ ඒකියත්වය වෙනුවෙන් කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කරනු ලැබු ප්‍රධාන ක්‍රියාන්විතයන් අතරින් දිර්ඝතම ක්‍රියාන්විතය ලෙස ''ජයසිකුරු'' මෙහෙයුම යුද ඉතිහාසයට එක් වී ඇත.
මෙම ක්‍රියාන්විතයේ දෙවන අදියරේදී, මන්නකුලම් ගම්මානය අත්පත් කර ගැනීම සඳහා යුද හමුදා කමාන්ඩෝවරුන් හා කොටි ත්‍රස්තවාදීන් අතර ඇති වූ බිහිසුණු සටන පිළිබඳව, එවකට කමාන්ඩෝ නිලධාරියෙකු වශයෙන් මන්නකුලම් සටනට සක්‍රීය ලෙස දායකත්වය ලබාදුන් මේජර් සෙල්වින් සලේ, එදා ඇසින් දුටු සත්‍ය සිදුවීම් පාදක කොට ගනිමින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
අප මාතෘ භූමිය සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා කමාන්ඩෝවරුන් තම ජීවිත පරිත්‍යාගයෙන් කළ මහා මෙහෙවරයන් මෙන්ම සෙබළුන්ගේ වීරත්වය මෙහි මැනවින් පිලිබිඹු වේ. අප හමුදාව සටන් කළේ ලෝකයේ සිටින දරුණුතම ත්‍රස්තවාදීන් සමඟ බව අප අමතක කළ යුතු නැත.මරාගෙන මැරෙන මිනිස් බෝම්බයෙන් ආරම්භ කර, පසුකාලීනව ගුවන්යානාවලට ද හිමිකම් තිවූ එල්ටීටීඊය, ලෝකයේ මෙතෙක් බිහිවුණු දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකේ.
මෙවැනි සන්නද්ධ ගරිල්ලා සංවිධානයක් සමග සටන් කිරීමේදී, ජයග්‍රහණයන් මෙන්ම පසුබැසීම්ද, සිදුවීම කිසිවෙකුට නවතාලිය නොහැකි කරුණකි. මන්නකුලම් සටනෙදී එවන් පසුබෑමක් සිදුවුවත්, අවසාන උණ්ඩය වන තෙක් සතුරා සමඟ සටන් වදිමින් කිසිවිටකත් සතුරාට යටත් නොවී, වචනයේ පරිසමාප්තයෙන් සැබෑ කමාන්ඩෝවරුන් ලෙස අවසාන හුස්ම පොද ලක්දෙරණේ මිහිතලය මත මුසු කළ ආකාරය මෙහි විස්තර කෙරේ.
ඔබටත්, මටත්, මතු පරපුරටත් යහපත් හෙට දිනක් උදාකර දීමේ අරමුණින් ඔවුන් පරිත්‍යාග කළ වටිනා ජීවිත, ශරීරයේ අවයව, රුධිරය, දහදිය සහ අත් විඳින ලද අපමණ දුක් ගැහැට කොපමණද යන්න පිළිබඳව මෙම ග්‍රන්ථය පරීශිලනය කිරීම තුළින් ඔබටම වටහා ගත හැක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.