Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මරණය මේ තරම් ම සුන්දර ද?

මරණය මේ තරම් ම සුන්දර ද?

About this book
ඔස්ට්‍රේලියාවේ වෙසෙන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විවිධ කාල පරිච්ඡේදයන්හිදී විවිධ ස්ථානවලදී, විවිධ ාල පරිච්ඡේදයන්හිදී විවිධ ස්ථානවලදී විවිධ මාතෘකා යටතේ පවත්වා ඇති දේශන සංඛ්‍යාව දහසකට වැඩි මිස අඩු නොවේ. තෝරාගත් මාතෘකාවක් යටතේ උන්වහන්සේ පවත්වන සෑම දේශනයක්ම අදාළ මාතෘකාව පිළිබඳව අප මෙතෙක් නුදුටු පැත්තකින් විග්‍රහකර ඉතා නිරවුල් නැවුම් හා නිර්භය විවරණයකින් අප දැනුවත් කරයි. අපේ ජීවිතාවබෝධය පුළුල් කරයි.
ඔබ දැන් කියවන්නට යන්නේ One life, Many lives මැයෙන් උන්වහන්සේ පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන කාලයේදී අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත් තීරණාත්මකවූත් අත්දැකීම වූ මරණය කොතරම් විස්මිතද කොතරම් සුන්දරදැයි යන හැඟීම අප තුළ ජනිත කරයි. මරණය පිළිබඳ බිය අප තුළින් අතුරුදහන් කරයි.
ISBN
9789550079971
පිටු ගණන (Pages)
31
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මරණය මේ තරම් ම සුන්දර ද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.