මට වැරදුණු තැන් - 2 කොටස
සැබැවින්ම අභීතකාමයෙන් සහ පශ්චාත්තාපයෙන් තොර පසුපෙරම කෙතරම් ආනන්දජනක අත්දැකීමක්ද යන කාරණය අප අත්දුටුවේ මේ ලිපි පෙළ ලියන්නට ගත් තැන ඔස්සේ ය. එමෙන්ම ද්වේශයෙන් සහ පක්ෂග්‍රාහි මානසිකත්වයෙන් වියුක්ත වන කල්හි පසුපෙරම පෙරනිමිත්තක් බවට නිතැතින්ම හැරෙන්නේ ය. "මට වැරදුණු තැන්" හරහා අප අභ්‍යාස කළ දෙයක් වී නම් එයම පමණෙකි.
මෙම කර්තව්‍යයයේදී අප වඩාත්ම තෘප්තිමත් වූ කරුණු කිහිපයකි. ඉන් පළමු වැන්න මෙකී අතීත - වර්තමාන කාල තරණය අතර තුර ය. දෙවැන්න ඒ අතර නොයෙක් පැති වලින් කරන්නට යෙදුනු නිරීක්ෂණයන් අතර තුරය. තෙවැන්න ඒවායින් අනාගතය උදෙසා හොඳම නිරීක්ෂණය තෝරා බේරා ගන්නා අතර තුරය.
ඒ නයින් ගන්නා කළ මේ උත්සාහය අපට එක්තරා අන්දමක කාලත්‍රයේ තීරථ යාත්‍රාවක් විය. එමෙන්ම අධ්‍යයන චාරිකාවක්ද විය. සැබැවින්ම එය අපට එක්තරා භාවනාවක්ද විය.
සාමන්ත තැන්නගේ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.