"තිලකේ තම සුරතේ
ගුලි වී ඇති සුන්දර
කහ පුෂ්පරාගය ගැන සිහින මවමින්
සිටියදී එම ලොබිය හරහා පැමිණි
පුද්ගලයෙකු පහත් හඬින් උගුර පාදමින්
තිලකේට පෙනෙන සේ කුඩා කොළ
කැබැල්ලක් ඔහුගේ දෙපා මුල
අතහැර දමා ඉක්මන් ගමනින්
යන්න ගියේය.
ආයතනයේ සේවය කරන සාමාන්‍ය සේ
වකයෙක්යැයි සිතිය හැකි එම පුද්ගලයා
කළ ක්‍රියාව හරිහැටි වටහාගත හැකි
නොවුණද තිලකේ පහත් වී
එම කොළ කැබැල්ල අතට ගත්තේය. පසුව
ආයතනයේ ඇස් මට්ටමට අසුවන සෑම
අස්සක් මුල්ලක්ම නිරීක්‍ෂණය කළ ඔහු
කිසිවෙකුගේ අවධානය තමා වෙතට යොමු
වී නොමැති බව දැනගෙන හොර රහසේ
එම කොළ කැබැල්ල දිග හැරියේය.
කිළිටි වූ එම කොළ කැබැල්ලේ
කලබලයෙන් මෙන් ලියා තිබූ පේළි
දෙකකින් යුතු පණිවිඩය දුටු තිලකේගේ
ඉහ මොළ රත් වී දෑස් නිලංකාර විණි.
කෙටියෙන්ම කියතොත් ඔහුට
උන් හිටි තැන් පවා අමතක විණි."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.