Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මවක ගේ කඳුළක්

මවක ගේ කඳුළක්

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

ළමා කථා ලිවිය යුත්තේ ළමා මනසට ගැළපෙන අයුරිනි. ළමා කෘති තුළින් ඔවුන් ගේ රස වින්දනය දියුණු කරන අතර ම ඔවුන් ගේ ආකල්ප හා චර්යාවන් යහපත් අතට නැඹුරු කිරීමට හැකි වන්නේ විශිෂ්ට ගණයේ ළමා කතාකරුවන්ට පමණි.

ළමා මනෝවිද්‍යාව පිළිබඳ පර්යේෂණයන් ප්‍රවර්ධනය කළ දියුණු විදේශ රටවල නම් එම කාර්යය පැවරෙන්නේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ප්‍රතිභාපූර්ණ ලේඛකයන් වෙත ය.

ළමුන් සඳහා පොත් තෝරා දීමේ දී ගුරුවරුන්ට හා දෙමාපියන්ට මෙහි ලා විශේෂ වගකීමක් පැවරේ. මක්නිසාදයත්, අද වෙළෙඳ පොළේ තිබෙන බොහෝ ළමා පොත් විශේෂඥ දැනුම කෙසේ වෙතත් ලේඛන කාර්යයවත් හරි හැටි නො දන්නා අය විසින් සම්පාදනය කරන ලද කෘති වන බැවිනි.

හොඳ ළමා කථා කවරේදැයි සංසන්දනාත්මක ව සලකා බලා විනිශ්චයකට එළඹීමට රුකුලක් ලබා දෙනු පිණිස බල්ගේරියානු ජාතික ළමා කතා විශේෂඥ ඒන්ජල් කරලිචෙෆ් ගේ මෙම කතා පිංච සිංහලයට නගා පළ කිරීමට සිතුවෙමි. ළමා පාඨක මනස, රස වින්දනය තුළින් සංවේදී බවට පත් කරමින් ඔවුන් ගේ සිත් තුළ ඇතැම් උතුම් ගුණධර්ම තැන්පත් කිරීම අතින් කරලිචෙෆ් ගේ මෙම අපූරු කතාව ළමා මනසට උචිත හොඳ ළමා කතාවකට කදිම නිදසුනකැයි සිතේ.

ISBN
9789551300289
පිටු ගණන (Pages)
15
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මවක ගේ කඳුළක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.