Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මේ ගමන
About this book

රවී සිරිවර්ධනගේ ගේය කාව්‍ය නිර්මාණ වසන්තයේත් - ගිම්හානයේත් අතුපතර සැඟවී ඉඳ ගී ගයන අඳුනන කුරුල්ලෙකුගේ නාදය වැන්න. ඒ නාදයෙහි ඇති වසන්ත ප්‍රහර්ෂයත් - ගිම්හාන වලපත් සුවිශේෂ අනන්‍යතා ලක්ෂණ වලින් පිරිපුන් ව ජීවිතයේ ආනන්දයත් ප්‍රඥාවත් වෙත අප කැඳවයි.

- සම්මානනීය ගීත රචක මහින්ද චන්ද්‍රසේකර

සිංහල ගීතයේ ව්‍යක්ත සම්ප්‍රදාය අභින්නව ගෙනයන නව පරපුරේ ගේය කාව්‍ය රචකයන් අතර පෙරමුණේම ඇත්තේ රවී සිරිවර්ධනගේ නමයි. ඔහුගේ ප්‍රතිභාවත් පරිකල්පනයත් හුදෙක් සෞන්දර්යය ම පසුපස නොයයි. මානව ජීවිත හසුරුවන සමාජ අර්ථ ක්‍රමය ගීතයට සරිලන සේ කලාත්මකව විවරණය කරන්නට ඔහු දරන වෑයම ප්‍රශස්ත ය.

- සම්මානනීය කිවිවර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

සිංහල ගී නව රැල්ලේ තරුණ ගී පද රචකයින් අතරින් රවී සිරිවර්ධනයන් වඩාත් ඉහළින්ම සිටින රචකයා ලෙසට බොහෝ විචාරකයෝ හඳුන්වති. ඔහු සිය ගී පද රචනාවලට උපයෝගි කරගත් සංකල්පනා බෙහෙවින්ම නැවුම්ය. අර්ථවත්ය. ඔහු ඉතා සුමට ලෙසින් හා හෘදයාංගම ලෙසින් බස හසුරුවයි. මේ ඊට නිදසුන් කීපයක් පමණි.

‛සීතල සුළං ගී පද කියයි

වැව් ඉවුර මත මද හාසයෙන්

තුරුලිය සෙමින් කෙහෙ රැළි කඩයි

මීදුම් යහන අනුරාගයෙන්’

ISBN
9786245594245
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ ගමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.