මේඝනා
About this book
“අනේ නෑ දෙයියනේ නෑ.. ඔයා හිතන් ඉන්නවා වැරදියි.. අනේ මම ඒ කිසිම දෙයක් හිතලා කළේ නෑ සසංක ඔයාට.. ඒ මොන දේ වුණත් සසංක මාත් ඔයාට ආ….”
“සර්……. සසංක සර්……. නිකම්ම නිකන් සසංක නෙමෙයි මං තමුසෙට..”
මේඝනා කියන්න ගිය දේ කෙල්ලට කියාගන්න ලැබුණේ නෑ. “ඒ මොන දේ වුණත් සසංක මාත් ඔයාට ආදරේ කළා..” ඒ වචන ටික කියවෙන්නමයි තිබුණේ. සමහරවිට ඒ වචන ටික මේඝනාගේ කටින් පිට වුණා නම් ගොඩාක් දේවල් අද ඉඳන් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඒත් සසංක වගේම දෛවයත් ඒ ටික කියන්න එදා වගේම අදත් ඉඩක් දුන්නේ නෑ.
“හරි… සර්… අනේ මට සමාවෙන්න.. ඒ කාලේ මොන දේ මගේ අතින් වුණත් ඒ හැමදේටම දැන් මට සමාවෙන්න.. ඇයි මෙහෙම මගෙන් පළගන්නෙ.. අවුරුදු පහක් හයක් ගිහිල්ලත් කොහොමද මේ තරම් වෛරයක් ඔය වගේ හිත ඇතුළේ තියාගෙන ඉන්නේ..? ඔයා මට ඇත්තටම ඒ කාලේ ආදරේ කළාද..?”
මේඝනා ඇස් වල කඳුළු පුරවන් කතා කළා. කෙල්ලට ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව එන්න එන්නම සසංක පරීක්ෂා කරනවා වැඩියි දවස ගානේ.
Details
ISBN
9786245483013
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review