මිරිඟු නදිය
අසීමිත ප්‍රේමයෙන් බැදෙන "රුවන්" සහ "මාලිගා" සියලු බාධක හා අභියෝග ජයගෙන විවාහ වන්නේ ඉතාමත් සොදුරු විවාහ ජීවිතයක් ගත කිරීමේ එකම අභිලාශයෙනි. එහෙත් ඔවුන්ගේ එම මිහිරි සිහිනය බිඳී සුණු විසුණු වී යන්නේ කිනම් බලවේග නිසාද? සැකය, ඊර්ෂ්‍යාව, තනිකම, රාගය වැනි මානුෂික හැඟීම් අතර පිපිරී එන ඔවුන්ගේ ආත්ම ගැටුම් ඉතා ප්‍රබල ලෙස විවරණය කරමින් රචිත නිව්ටන් ගුණසේකර ගේ "මිරිඟු නදිය" නවකතාව නිමාවට පත්වන්නේ ජීවිත පැවැත්මෙහි ඇති අනිත්‍යය හා අනාත්ම ස්වභාවය පිළිබඳව බෞද්ධ දර්ශනයක් පාඨක සිත් සතන් තුළ ජනිත කරවමිනි.
ජීවිතයේ ලෞකික සීමාවන් ඉක්මවා ගිය බොදු ජීවන දෘෂ්ටියකින් ආතුරවූවකු ලෙස වත්මන් සමාජ විවාහ සංස්ථාවේ පවතින ඛේදනීය ස්වභාවය කතුවරයා ගවේෂණය කරන්නේ ජීවිතය තීර්ථ යාත්‍රාවක් කර ගනිමිනි
"මිරිඟු නදිය" කතුවරයාගේ 18 වන ස්වතන්ත්‍ර නිර්මාණය වන අතර ඔහුගේ දීර්ඝතම නවකතාවද වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.