මොනරවිල

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
monarawila-gamini-wijith-samarakoon-dayawansha

මෙහි කෘතිය සඳහා පාදක වන්නේ මෑත කාලීන ශ්‍රී ලාංකික  ඉතිහාසයෙහි අතිශය උද්වේගකර සිදුවීමක් වූ 1818 උඩරට මහ කැරැල්ල ලෙස හැඳින්වෙන විමුක්ති අරගලයයි. කැරැල්ල පැවති කාලය තුළ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් හා වෙනත් නිලධාරීන් විසින් හුවමාරු කර ගන්නා ලද නිල වාර්තාවන්හි හා පෙරදිග ඉන්දියා වෙළඳ ස‍මාගමේ ආසියාතික ජර්නලයේ ඇතුළත් තොරතුරු ඇසුරින් ගොඩනගා ගත් සිදුවීම්, නවකතාවක ස්වරූපයෙන් මෙහි පෙළ ගස්වා ඇත. අරගලයේ අවසන් ජවනිකාව වන කැප්පෙටිපොල විරුවා ගේ හිස ගසා දැමීම සියැසින් දැක, වෛද්‍ය හෙන්රි මාෂල් විසින් ඒ පිළිබඳව වාර්තා කළ ෙතොරතුරු ද ඊට ඇතුළත් ය.

එවකට ලක්දිව සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් 1818 විමුක්ති අරගලය දකින්නේ ශ්‍රේෂ්ඨ රණශූර ජාතියක් එලවා දැමීමට ගන්නා, එක්තරා ධෛර්යයක් මිස කිසි පුහුණුවක් නැති මිලේච්ඡ මිනිසුන් රැළක ගේ උත්සාහයක් ලෙසිනි. කෙසේ වුව ද කැරැල්ල පැවති කාලය තුළ මහනුවර රැඳී සිටි ඔහු අවසන පණ බේරා ගන්නේ සිය ඉන්දියානු සගයන් වෙත කන්නලව් කර ගෙන්වා ගන්නා අමතර සේනාවන් කිහිපයක ආධාරයෙනි.

මෙහි දිග හැරෙන 1817 - 1818 කාලපරාසයෙහි සිදුවීම් මාලාව තුළ දවැන්ත ප්‍රතිරූපයක්ව ගොඩනැගෙන්නේ මොනරවිල කැප්පෙටිපොල චරිතයයි. පසු කළෙක වීර කැප්පෙටිපොල ලෙස ශ්‍රී ලාංකික සිත්සතන් තුළ සනිටුහන් වන එම චරිතය පිළිබඳ සැබෑ තොරතුරු මෙහි චිත්‍රනය වෙයි.

Author ගාමිණී විජිත් සමරකෝන් - Gamini Wijith Samarakoon (1)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556860375
පිටු ගණන 184
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මොනරවිල
Back to Top