මොනරවිල
මෙහි කෘතිය සඳහා පාදක වන්නේ මෑත කාලීන ශ්‍රී ලාංකික ඉතිහාසයෙහි අතිශය උද්වේගකර සිදුවීමක් වූ 1818 උඩරට මහ කැරැල්ල ලෙස හැඳින්වෙන විමුක්ති අරගලයයි. කැරැල්ල පැවති කාලය තුළ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් හා වෙනත් නිලධාරීන් විසින් හුවමාරු කර ගන්නා ලද නිල වාර්තාවන්හි හා පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ ආසියාතික ජර්නලයේ ඇතුළත් තොරතුරු ඇසුරින් ගොඩනගා ගත් සිදුවීම්, නවකතාවක ස්වරූපයෙන් මෙහි පෙළ ගස්වා ඇත. අරගලයේ අවසන් ජවනිකාව වන කැප්පෙටිපොල විරුවා ගේ හිස ගසා දැමීම සියැසින් දැක, වෛද්‍ය හෙන්රි මාෂල් විසින් ඒ පිළිබඳව වාර්තා කළ ෙතොරතුරු ද ඊට ඇතුළත් ය.
එවකට ලක්දිව සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් 1818 විමුක්ති අරගලය දකින්නේ ශ්‍රේෂ්ඨ රණශූර ජාතියක් එලවා දැමීමට ගන්නා, එක්තරා ධෛර්යයක් මිස කිසි පුහුණුවක් නැති මිලේච්ඡ මිනිසුන් රැළක ගේ උත්සාහයක් ලෙසිනි. කෙසේ වුව ද කැරැල්ල පැවති කාලය තුළ මහනුවර රැඳී සිටි ඔහු අවසන පණ බේරා ගන්නේ සිය ඉන්දියානු සගයන් වෙත කන්නලව් කර ගෙන්වා ගන්නා අමතර සේනාවන් කිහිපයක ආධාරයෙනි.
මෙහි දිග හැරෙන 1817 - 1818 කාලපරාසයෙහි සිදුවීම් මාලාව තුළ දවැන්ත ප්‍රතිරූපයක්ව ගොඩනැගෙන්නේ මොනරවිල කැප්පෙටිපොල චරිතයයි. පසු කළෙක වීර කැප්පෙටිපොල ලෙස ශ්‍රී ලාංකික සිත්සතන් තුළ සනිටුහන් වන එම චරිතය පිළිබඳ සැබෑ තොරතුරු මෙහි චිත්‍රනය වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.