Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මූර්ති ශිල්පියාගේ සුජාත ආදරවන්තිය

මූර්ති ශිල්පියාගේ සුජාත ආදරවන්තිය

About this book

තෝමස් හාඩිගේ “ද වෙල් බිලවුඩ්” (1897) නමැති ලෝ පතළ නවකතාව 19වන සියවසේ එංගලන්තයේ පෝර්ට්ලන්ඩ් දූපත වශයෙන් හැඳින්වෙන කුඩා අර්ධද්වීපය පසුබිම් කරගෙන අපේ ජීවිතාවබෝධය පුළුල් කරවන නිර්මාණයකි.

ආදරයට අධිපති දෙවඟනගේ බලපෑමෙන් තමාගේ සුජාත ආදරවන්තිය කාන්තා දේහයකින් තවත් කාන්තා දේහයකට සංක්‍රමණය වන්නේ යයි සිතා එක ම පවුලේ පරම්පරා තුනක යුවතියන් තිදෙනෙකුට හා තවත් යුවතියන් කිහිප දෙනෙකුට පෙම් කළ පියර්ස්ටන් ජීවන කතරේ අතරමං වෙයි.

මහලු වියට පා තබද්දී ඔහු ඔහුගේ පැරණි ආදරවන්තියක වූ මාර්සියා හා සමඟ විවාහ වෙයි. විසිතුරු ලෝකයක සැරිසරා අවසානයේ දී යථාර්ථය පසක් කරගෙන සාධනීය ලක්ෂණයන්ගෙන් තොර විසිතුරු සංකල්පනාවන් පැතිරී යාම වැළැක්වීමට ඉදිරිපත් වෙයි.

නියෝජ්‍ය තැපැල්පතිවරයෙකු ව සිටි ප්‍රවීණ ලේඛකයෙකු වන ඇම්. ඇම්. පියවර්ධන මහතා විසින් මෙම සුප්‍රසිද්ධ නවකතාව සිංහලයට නගන ලදු ව ආශීර්වාද ප්‍රකාශනයක් ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි.

Details
ISBN
9789556971644
පිටු ගණන (Pages)
266
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මූර්ති ශිල්පියාගේ සුජාත ආදරවන්තිය

Reviews are published once a member of our team has read them.