Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මොසාඩ්
About this book

“ඊශ්‍රායලයේ අවිද්‍යමාන බළකායද, එහි පිළිගත් භෞතික ප්‍රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ.” - ඊශ්‍රායලයෙ හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස

“ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්‍රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ පුද්ගලයින් කෙරෙහිය.” - PUBLISHERS WEEKLY

ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ ඝන වෙස්වලාවකින් ආවරණය වී ඇත, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහෝමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.

ආර්ජන්ටිනාවේදී අයික්මාන් පැහැරගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයන් ක්‍රමානුකූලව ලුහුබැඳයාමේ සිට, එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චරපුරුෂ ක්‍රියාකාකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂි ග්‍රන්ථය මඟින් මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ, ප්‍රබෝධජනක, රහසිගත ඉතිහාසය විස්තරාත්මකව දක්වා තිබේ.

ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය ක්‍රියාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් - සොහාර් සහ නිසිම් මිෂල්, මොසාඩ් වංශ කථාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව් බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඩ් ඒජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.

ISBN
9789553113153
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොසාඩ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.