නච සෝ නච අඤ්‌ඤෝ

Special Price රු. 560.00 Regular Price රු. 700.00
Out of stock
SKU
nacha-so-nacha-anananyo-mal-wijayarathna-kathru
Author මාල් විජයරත්න - Mal Wijayarathna (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (658)
නච සෝ නච අඤ්ඤෝ ඔහු ඇඳ සිටියේ කළු දිග කලිසමකි. මා ඇඳ සිටියේ සුදු දිග කලිසමකි. ඔහුගේ වයස හැත්තෑව පැන ඇතැයි සිතේ, මගේ වයස තාම තිස්පහකි. ඔහුගේ දෑසේ උපැස් යුවළකි. මගේ දෑස නිරුවත්ය. “කොහාට ද මාරු වීම?” “රෝයල් එකට” ඔහුගේ ඇස්බැමි උඩගියා. “කොළඹද?” “ඔව්” ඔහුගේ නළල රැලි වී දෙතොල් දෙකොන උඩ ගියා. “ප්‍රයිමරිද?” උඩගිය දෙබැම පහත හෙලී ඇත. “නෑ ඒ ලෙවල්” නැවත ඇස්බැමි උඩ ගියා. “සයන්ස් ද මැත්ස් ද?” උඩ ගිය දෙබැම දැන් පහත, “නෑ කොමර්ස්,” නහයද හැකිළිනි… දෙබැම පහත හෙලීය. උපැස් යුවළ අත ඇති පන්නරයට යොමුවිය. එය ඉංග්‍රීසි පත්තරයකි. ගෙදර විත් මා ඔහුගේ මුහුණේ ඉරියව් මාරු වූ ආකාරය අනුකරණය කර බැලුවා.. “හරි නෑ… මං හොඳට දැක්කා… මං හිටියේ ඉස්සරහ පුටුවේ..” බිරිඳ මා අසමත් කළා. කොහොමත් මට ජයලාල් රෝහණ වෙන්න බෑනේ… මට හිතුණා…
More Information
ISBN 9786249715004
පිටු ගණන 740
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නච සෝ නච අඤ්‌ඤෝ
Back to Top