නච සෝ නච අඤ්ඤෝ
About this book
නච සෝ නච අඤ්ඤෝ
ඔහු ඇඳ සිටියේ කළු දිග කලිසමකි.
මා ඇඳ සිටියේ සුදු දිග කලිසමකි.
ඔහුගේ වයස හැත්තෑව පැන ඇතැයි සිතේ,
මගේ වයස තාම තිස්පහකි.
ඔහුගේ දෑසේ උපැස් යුවළකි.
මගේ දෑස නිරුවත්ය.
“කොහාට ද මාරු වීම?”
“රෝයල් එකට” ඔහුගේ ඇස්බැමි උඩගියා.
“කොළඹද?”
“ඔව්” ඔහුගේ නළල රැලි වී දෙතොල් දෙකොන උඩ ගියා.
“ප්‍රයිමරිද?” උඩගිය දෙබැම පහත හෙලී ඇත.
“නෑ ඒ ලෙවල්” නැවත ඇස්බැමි උඩ ගියා.
“සයන්ස් ද මැත්ස් ද?” උඩ ගිය දෙබැම දැන් පහත,
“නෑ කොමර්ස්,” නහයද හැකිළිනි… දෙබැම පහත හෙලීය.
උපැස් යුවළ අත ඇති පන්නරයට යොමුවිය.
එය ඉංග්‍රීසි පත්තරයකි.
ගෙදර විත් මා ඔහුගේ මුහුණේ ඉරියව් මාරු වූ ආකාරය අනුකරණය කර බැලුවා..
“හරි නෑ… මං හොඳට දැක්කා…
මං හිටියේ ඉස්සරහ පුටුවේ..”
බිරිඳ මා අසමත් කළා.
කොහොමත් මට ජයලාල් රෝහණ වෙන්න බෑනේ…
මට හිතුණා…
Details
ISBN
9786249715004
පිටු ගණන (Pages)
740
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review