Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / නමුණුකුළෙන් හන්තානට

නමුණුකුළෙන් හන්තානට

About this book

හේරත් මුදියන්සේලාගේ අත්තනායක හෙවත් අප කා අතරත් හොඳින් ම ප්‍රකට "අත්තනායක එම්. හේරත්” දකුණු පළාතේ ගාලු ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබ පියාගේ රැකියා ස්ථාන මරු අනුව නුවරළිය, කොළඹ ආදී ප්‍රදේශවල ද අවසානයේ සිය පියාගේ ජන්ම භූමිය වූ ඌව පළාතේ බදුල්ල ප්‍රදේශයේ ද ස්වකීය ළමා කාලය ගත

කොට ඇත. බදුල්ල ධර්මදූත විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ හෙතෙම 1974දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ප්‍රථම පංති සාමාර්ථ්‍යයක් සහිතව සිය මූලික උපාධිය ලබාගෙන 1979දී එම විශ්වවිද්‍යාලයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. ඔහු ජපානයේ සුකුබා විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ගත්තේ ය. ඉතා ම මනහර ලෙස දේශන පැවැත්වීමේ සුහුරු බවින් යුක්ත අත්තනායකයන් ස්වකීය සිසුන්ගේ ද, ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය තුළින් සාහිත්‍ය හා දහම් රසය සිත් ඇදගන්නා අන්දමට ජනගත කිරීම තුළින් සුවහසක් ජනී ජනයාගේ ද ආදර ගෞරවය දිනා ගන්නට සමත්ව සිටී.

අතිශය කටුක වූත් දුෂ්කර වූත් අත්දැකීම් ගොන්නක් මැද සිය ජීවන ගමන තරණය කළ අත්තනායකයන් මේ ලියා තබන්නේ එහි පිය සටහන් පෙළ යි. අභියෝග හමුවේ ධෛර්යසම්පන්නව ඊට මුහුණ දුන්නෙකුගේ කතාවක් ද, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ සමාජ දේශපාලන අවලෝකනයක් ද වන මේ පොත ඉතා ම රසාලිප්ත වූවක් වනවා සේම සිංහල ස්වයං ලිඛිත චරිතාපදාන සාහිත්‍යය උදෙසා වන විශිෂ්ට සම්ප්‍රදානයක් ද වන්නේ ය.

ISBN
978624829156
පිටු ගණන (Pages)
367
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නමුණුකුළෙන් හන්තානට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.