නටු

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
natu-malan-bandara-kapuwatta-vidarshana-publishers

මාලන් බණ්ඩාර කපුවත්ත කව්යා ගේ මේ සංක්ෂිප්ත කාව්‍යයන්හි පදු සංඝටනාවත්, එක් එක් පාදා අතර සමාශ්‍රයත් මැනැව්න් සිදු වී තිබීම, ඔහුගේ කව්තාව යම් ප්‍රගාමී භාවයකට පත් ව ඇති වගට සාක්ෂ්‍ය සපයයි. සාමාන්‍ය භාෂාවෙන් තීව්‍ර ලෙස පැවැසිය නොහෙන සංවේදනා, ඉන්ද්‍රීය රූප භාව්තයෙන් කිය හැකි මඟ විමසන කව්යකූ අපට මේ නිමැවුම් කෙරෙන් සම්මුඛ වෙයි. ඉන්ද්‍රීය රූප ම කවියේ අර්ථය ලෙස හැඳිනි, යම් ආධ්‍යාත්මික විමර්ශකයකූ ද මේ ක්ෂුද්‍ර නිර්මාණ ඇසුරේ පෙනී සිටින බවක් හැඟෙයි. මමායිතයෙන් දැඩි ව නො බැඳුණු, පැවැත්මේ අබ්රහස වෙත යොමු වෙමින්, බැහැර ලොවැ අනෙක දර්ශන මාත්‍ර හා වින්දන, ඊට වැඩි සියුමු අගයකට ගෙන ඒමට තරම් පොහොනා චිත්ත රූපික ගුණයක් සෙවීමේ නියුතු කව්යකු මෙමඟින් දිසෙතැයි පවසනු හැකි වීම සතුටකි. බුද්ධි විෂයක ඈ වුව සංවේදනා ඇසුරේ ම පළ වීමත්, රචකයා මැදිහත් ව කරන පහදා දීම්වලින් තොර බවත් වෙසෙස් ලකුණු ය. ලෝක විෂය, ජීව්තය, ප්‍රකෘතිය මේ යැ යි ඉඟිලන අර්ථ කර්ණිකාවක් ඉපැදවීමට අප කව්යා දැරූ යත්නය රසික අවධානයට පාත්‍ර වේවා!

Author මාලන් බණ්ඩාර කපුවත්ත - Malan Bandara Kapuwatta (1)
Publisher විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers (210)
More Information
ISBN 9786245546800
පිටු ගණන 160
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නටු
Back to Top