මාලන් බණ්ඩාර කපුවත්ත කව්යා ගේ මේ සංක්ෂිප්ත කාව්‍යයන්හි පදු සංඝටනාවත්, එක් එක් පාදා අතර සමාශ්‍රයත් මැනැව්න් සිදු වී තිබීම, ඔහුගේ කව්තාව යම් ප්‍රගාමී භාවයකට පත් ව ඇති වගට සාක්ෂ්‍ය සපයයි. සාමාන්‍ය භාෂාවෙන් තීව්‍ර ලෙස පැවැසිය නොහෙන සංවේදනා, ඉන්ද්‍රීය රූප භාව්තයෙන් කිය හැකි මඟ විමසන කව්යකූ අපට මේ නිමැවුම් කෙරෙන් සම්මුඛ වෙයි. ඉන්ද්‍රීය රූප ම කවියේ අර්ථය ලෙස හැඳිනි, යම් ආධ්‍යාත්මික විමර්ශකයකූ ද මේ ක්ෂුද්‍ර නිර්මාණ ඇසුරේ පෙනී සිටින බවක් හැඟෙයි. මමායිතයෙන් දැඩි ව නො බැඳුණු, පැවැත්මේ අබ්රහස වෙත යොමු වෙමින්, බැහැර ලොවැ අනෙක දර්ශන මාත්‍ර හා වින්දන, ඊට වැඩි සියුමු අගයකට ගෙන ඒමට තරම් පොහොනා චිත්ත රූපික ගුණයක් සෙවීමේ නියුතු කව්යකු මෙමඟින් දිසෙතැයි පවසනු හැකි වීම සතුටකි. බුද්ධි විෂයක ඈ වුව සංවේදනා ඇසුරේ ම පළ වීමත්, රචකයා මැදිහත් ව කරන පහදා දීම්වලින් තොර බවත් වෙසෙස් ලකුණු ය. ලෝක විෂය, ජීව්තය, ප්‍රකෘතිය මේ යැ යි ඉඟිලන අර්ථ කර්ණිකාවක් ඉපැදවීමට අප කව්යා දැරූ යත්නය රසික අවධානයට පාත්‍ර වේවා!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.