නෙත ගැටුණු රේගු වංචා
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය අවසන් කළ ලලිත් හීන්ගම පේරාදෙණිය සරසවියෙන් 1963 දී උපාධි ලද්දේය. පේරාදෙණිය සරසවියේම බාහිර උපදේශකවරයෙක් හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපාධිධාරි ගුරුවරයෙක් ලෙසත් වසර දෙකක් සේවය කොට ප්‍රථම වරට 1965 දී පරිපාලන සේවා තරග විභාගයෙන් සමත්ව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය.
ඔහු මහනුවර, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සේවය කළේය. 1976 දී පරිපාලන සේවා පළමු ශ්‍රේණියට පත්වු හෙතෙම 1978 දී සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට එක්විය. එහි අධ්‍යක්ෂවරයෙක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කළ ලලිත් හීන්ගම 1989 දී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්විය. එම තනතුර සමගම ඔහු සංවර්ධන ලොතරැයියේ සභාපතිවරයා ලෙසද, තවත් රාජ්‍ය ආයතන කීපයක අධ්‍යක්ෂවරයෙක් ලෙසද, ජනාධිපති තීරුබදු කොමිසමේ කොමසාරිස්වරයෙක් ලෙසද වසර හතරකට ආසන්න කාලයක් සේවය කළේය.
වෙළඳ හා වාණිජ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් හා අතිරේක ලේකම් තනතුරු වලට පත්වු ලලිත් හීන්ගම තවත් රාජ්‍ය සංස්ථා හා මණ්ඩල කීපයක අධ්‍යක්ෂධූර දැරුවේය. තිස්හත් වසරක රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ප්‍රියකරන සමාජසේවා හා ලේඛන කලාවට පිවිස ඇත. මෙම නෙත ගැටුණු රේගු වංචා කෘතිය ඔහු රේගු දෙපාර්තමේන්තුවේදි ලද අත්දැකීම්වල ප්‍රතිඵලයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.