Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කෙටි නවකතා / නියුරලින්ක්
About this book

නිර්මාණකරුවකු සිය නිර්මාණ කාර්යය උදෙසා තෝරා ගනු ලබන විෂය වස්තුව එම නිර්මාණයෙහි සාර්ථකත්වය කෙරෙහි සෘජුව ම බලපානු ඇති බව නොරහසකි. එම සත්‍යය මැනවින් අවබෝධ කොට ගෙන ලියැවුණු අපූර්ව කෘතියක් ලෙස පියුමි ජයකලණි වික්‍රමාරච්චිගේ “Neuralink” කෙටි කතා සංග්‍රහය හඳුන්වා දිය හැකි ය.

සියවස් දෙකකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍යයන් මෙරට යටත් කොටගෙන සිටියා පමණක් නොව, ඔවුන්ගේ සංස්කෘතික ආර්ථික හා සමාජයීය සාධකයන් මේ පොළොව තුළ රෝපණය කළ බව අපට කියන්නේ ඉතිහාස පොත ම පමණක් නොවේ. විවෘත මනසින් සමාජය කියවන ඕනෑ ම අයකුට ඒ බව පසක් කර ගැනීමට අවශ්‍ය සාධක ඕනෑවටත් වඩා අපට දැක ගත හැකි ය. සරල ව කිවහොත් කිරීටය අපට කළ බලපෑම සුළුපටු නැත. මෙම කෘතිය තුළ විටෙක නිර්මාණකාරිය සිය ආකර්ෂණීය වූ ලේඛන හැකියාවෙන් කිරීටයේ සංස්කෘතීන් පවා අඩු වැඩි වශයෙන් ආක්‍රමණය කරන අතර තවත් විටෙක ශ්‍රී ලංකේය සමාඡ සංස්කෘතික පසුබිමක රෝපණය වී එංගලන්තයට ගොස් ඒ තුළ පැලපදියම් වී සිටින්නන්ට ශ්‍රී ලංකේය සංස්කෘතිය යළි මතක් කර දෙයි.

මෙම කෘතියෙහි හෙළ බසෙහි ඇති ගරු-නිගරු බස්වහර මනා කොට යොදාගෙන තිබෙණු දක්නට ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකේය දේශීය සංස්කෘතිය හා හැඳියාව මත ම පල් නොවී නූතන විද්‍යාව ස්පර්ශ කිරීමක් ද මේ තුළ විද්‍යාමාන වන කරුණකි. අතීතය තුළ සැඟවුණු මිත්‍යාව ද ජයකලණි විසින් ඉතා සංයමයෙන් යුතු ව ස්පර්ශ කරනු ලබන්නේ ඒ කෙරෙහි පාඨක මනස ඉතා සූක්ෂම ව ආකර්ෂණය කර ගනිමිනි. විවිධ සංස්කෘතීන් හි පවතිනා විවිධ හැඩතල හා සමාජ හරයන් ලංකේය සමාජය වෙත රැගෙනවිත් මෙරට පාඨකයාගේ තෙවැනි ඇස විවර කරන අපූර්වතම කෙටි කතා සංග්‍රහයක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි ය. එම නිසා මෙරට කෙටි කතා කලාවට අපූර්වත්වයක් එක්වුණු සංධිස්ථානයක් ලෙස “Neuralink” කෙටි කතා සංග්‍රහය අගය කළ හැකි ය.

ISBN
9786245556199
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නියුරලින්ක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.