Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නිස්කලංකය

නිස්කලංකය

About this book
චිනුවා අචෙබේ CHINUA ACHEBE Things Fall Apart නිස්කලංකය එකල නොදියුණු ගෝත්‍රික මිනිසුන් ජිවත් වුයේ යැයි පැවසෙන අප්‍රිකානු මහා ද්වීපයෙහි දියුණු යැයි සිතන ලෝකයා පැල් බැඳ ගත්තේ කරුණු කීපයක් උදෙසායි. පසුගිය සිය වස් දෙක තුන තුළදී යුරෝපීයයන් විසින් මෙම රටවල් දියුණු හා ශිෂ්ට සම්පන්න කිරීම සඳහා යයි කියමින් ගන්නා ලද වැර වෑයම ඇති විශාලය. ස්වදේශිකයෝ එතෙක් ගොවිතැනින් සහ එඬේර ජිවිතයක් ගත කිරීමෙන් සංතෘප්තව දිවි ගෙවුහ.ස්වයංපෝෂිතව සිටියහ.ඔවුහු තම ශක්ති පමණින් ශිෂ්ටාචාරයකට නෑකම් කීහ.එහෙත් දියුණු වූ ශිලාචාර වූ සුදු මිනිසුන් මෙම කළු මහා ද්වීපය ශිෂ්ට සම්පන්න කිරීම සඳහා ඔවුන්ගේ සාමකාමී ජන ජීවිතය දෙපලු කර දැමුහ.එතෙක් පැවති ඔවුන්ගේ පාරම්පරික ගති පැවතුම් කඩා බිඳ දැමුහ.සාමකාමී වාතාවරණය දෙදරුම් කැවුහ.මේ සියල්ල ම යටත් විජිතකරණය ම සහ ආගම් ව්‍යාප්තිය උදෙසාය.එංගලන්ත ව්‍යාප්තිවාදීහු මේ සඳහා කොතරම් වෙහෙස දැරුවද ස්වදේශිකයන්ගේ ජාතිවාත්සල්‍යය ද එතරම්ම ඉහලින් පැවති බව චිනුවා අචෙබේ මනහර ලෙස ගෙන හැර දක්වයි.
Details
ISBN
9789550983124
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write a review

You're reviewing: නිස්කලංකය

Reviews are published once a member of our team has read them.