යලින්දි

Special Price රු. 720.00 Regular Price රු. 900.00
In stock
SKU
yalindi-nohanunanni

දෙනෙත් අහකට නොගෙනම

මා දෙස බලා සිටි ඇගේ මුහුණ

මට හොඳින් හුරු පුරුදු මුහුණක්

යැයි ඇය දුටු මොහොතේම මට

දැනෙන්නට විය. ඇගේ මුහුණේ

ඇඳුණු සිනහව ඊටත් වඩා මට

හුරු බව ඇයට ළං වත්ම වැඩි

වැඩියෙන් දැනෙන්නට විය.

කල්පනාකාරීව බිමට බර කර

ගත් මුහුණින් මා නැවතුණේ මුහුණ

පවා දැකිය හැකි තරමට ඔප දැමූ

සපත්තු යුවලක් ඉදිරිපිටය. නැත,

මට වැරදී තිබුණි. ඊට එහා පසින්

දිස් වූයේත් එවැනිම සපත්තු යුවලකි.

ඔවුන් දෙදෙනාටම මැදින්

මා සිටගෙන ඇති බව දැනෙද්දී

මට වලක් කපාගෙන වැලලෙන්නට

සිතුණි. ඊටත් වඩා මා කෝප

ගත්තේ මනාලයා කියන හෝතම්බුවා

සමගය. මේ තරම්තනි පුටු

තියෙද්දී තනිකන් දෝසය හැදුණු

එකෙකු මෙන් තවකෙකු හා

මෙලෙස හිඳ ගැනීමට තරම් මේ

මනුස්සයා ඔලමොට්ටලයෙක්ද...

තත්පරය පවා පැයක් වන්ව

දැනෙන මොහොතක මුලින් ඇස

ගැටුණු සපත්තුවල අයිතිකාරයා

නැගී සිටින්නට විය.

Author අනූෂා ප්‍රනාන්දු - Anusha Fernando (5)
Publisher නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (86)
More Information
ISBN 9786249513310
පිටු ගණන 376
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යලින්දි
Back to Top